spot_img
spot_img
Monday, August 3, 2026
spot_img
spot_img

මීටර් දෙක තුනක් අල්ලන් ඉන්න තිබ්බා නම් අපිත් එක්ක ඔයා අද ඉන්නවා තාරක අයියේ…

Must read

30km පීනලා ඔය මීටර් 2’3 ත් අල්ලන් ඉන්න තිබ්බා නම් අපිත් එක්ක ඔයා අද ඉන්නවා 💔.. R.I.P තාරක අයියේ ජේසූ ඔයා එක්ක ඉන්නවා ✝️🙏..
ගිය සිකුරාදා හවස ගිහින් සෙනසුරාදා පාන්දර ආපූ කුණාටුවට අහුවෙලා දැල් උස්සද්දී තමා බෝට්ටුව පෙරලලා තියෙන්නේ රෑ මුලු රැයක්ම බෝට්ටුව අල්ලන් ඉදලා පස්සේ බෝට්ටුව අතැරලා දැලේ කාවී කිහිපයකුයි තෙල් බූලී දෙකකුයී ( තෙල් හලපු ) අරන් තමා දෙන්නා එකට පීනලා තියෙන්නේ. සෙනසුරාදා සවස් කාලයේ එයලා පීනද්දි දැක්කලූ චොපර් එකත් එයලා පුලුවන් උපරිම කලාලූ අවදානේ දෙන්න් ගුවන් හමුදාවට අවාසනාව කියන්නේ එයලාටත් මගහැරිලා . බෙරුනු කෙනා අනූමාන කරන විදියට එයලා ඉදලා තියෙන්නේ වෙන්නප්පුව මුහුදූ සීමාවට කෙලීන් අන්තීමට මතක විදියට දිය පාර දකුණ පැත්තට තිබිලා තියෙන්නේ. එතකොට ඉරිදා දහවල් කාලයේ තමා එයලාට ගොඩ බිමකට එන්න ලැබිලා තියෙන්නේ. එක්කෙනෙක් වෙරළට ගොඩ එද්දී අනිත් කෙනාට එන්න තිකක් අපහසු වෙලා . අරයා කිහිප දෙනෙක්ගෙන් උදව් ඉල්ලලත් තියනවා එයාව ගොඩට ගන්න කවුරුත් ඉදිරිපත් වෙලා නෑ කියලා තමා කියන්නේ . ඉතින් විනාඩි 15ක් විතර වෙහෙසිලා තියෙනවා එයාටත් බැරි වෙලා මොකද දවස් දෙකක් වතුර උගුරක්වත් නැතිව පීනලා ආපූ කෙනා මොන වගේ පීඩනෙක ඉන්න ඇතිද ? ඉතින් අනිත් කෙනාව ගොඩට ගන්න කොට එයා අපිව දලා ගිහින් 💔. දුක තියෙන්නේ එදා දවසේ මෙහුම් වලට ගිය එක ධීවරයෙක්ටවත් මෙයලාව මුණ ගැහුනෙ නැති එක.🥺💔 තව විස්තර තියෙනවා හම්බවෙන හම්බෙන විදියට පුළුවන් විදියට මං එඩිට් කරලා දාන්නම්.

(ලාංකික ධීවරයෝ ෆේස් බුක් පිටුවෙනි)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article