spot_img
spot_img
Wednesday, July 29, 2026
spot_img
spot_img

වයඹ වෙරළ තීරයේ නාවික හමුදාවට අභියෝගයක් ?? දළුව සිදුවිම බරපතලයි.

Must read

වයඹ වෙරළ තීරයේ නාවික හමුදාවේ ක්‍රියාකලාපය ගැන චෝදනා රැසක් කලක පටන් එල්ල වෙමින් තිබේ.

මුහුදු මාර්ගයෙන් සිදුකරන විවිධ ජාවාරම් සඳහා නාවික හමුදාවේ ඇතැමුන් සහය දක්වන බව මෙහිදි එල්ල වි ඇති පොදු චෝදනාවයි.

දැනට දින 4කට උඩදි පුත්තලම් දිස්ත්‍රික්කයේ ධිවර ගම්මානයක් වන දලුව වෙරළේදි නිති විරෝධි ලෙස ගෙන ආ ද්‍රව්‍ය සමඟ ලොරිරථයක් ගම්වාසින් විසින් අල්ලා ගන්නා ලදි.

මුහුදෙන් ගෙනවිත් තිබු මෙම හොර බඩු ප්‍රවාහනය කරන්ට ආ ලොරිය වෙරලේ එරීම හේතුවෙන් , රියදුරා විසින් රථය වෙරළේ දමා පලාගොස් තිබුණි.

පසුව ගම්වාසීන් විසින් මේ බව නොරොච්චෝලයේ පොලිසියට දැනුම් දි තිබේ.

මෙහිදි ගම්වාසින් විසින් ආරක්ෂක අංශ වෙත දෝෂාරෝපනය කරමින් ප්‍රශ්න කර සිටින්නේ නාවුක හමුදා කඳවුර මෙතැන සිට මිටර් 200ක දුරින් තිබෙන විට මෙසේ නිති විරෝධි බඩු වෙරළට පැමිනෙන්නේ කෙසේද? යන්නයි

මෙම චෝදනාව වයඹ ඇතැම් පොලිසි වලටද එල්ල වි තිබේ. මෙම චෝදනා වලට අදාළ ආසන්න සිදුවීම නම් දැනට මාස කිපයකට උඩදී කල්පිටිය පොලීසියේ සහ නොරොච්චෝලේ පොලිස් නිලධාරීන් 35කට ආසන්න සංඛ්‍යාවකට ස්ථාන මාරුවීම් ලබාදීමයි.

වයඹ වෙරළ තීරයේ ධිවර ප්‍රජාවටත් , පොදු ජනයාටත් වඩා ඇතැම් නාවික හමුදා භටයන් හොර බඩු ජාවාරම් වල යෙදෙන මාෆියා කණ්ඩායම් වලට අනුකම්පා කරන බවට අවස්ථා ගණනාවකදිම චෝදනා එල්ලවිය..

ධිවරයන්ගේ බෝට්ටු එන්ජින් සොරකම් කරගෙන යන තත්වයක් පවා නිර්මාණය වි තිබිම යනු නාවික හමුදාව වෙරළ ආරක්ෂාව සලසා ඇති අන්දම ගැන කදිම නිදසුනක් බව ප්‍රදේශවාසින් කියා සිටිති.

නාවුක හමුදාවේ ආරක්ෂාව තිබෙන විට ධීවරයින්ගේ ලක්ෂ ගණන් වටින බෝට්ටු එන්ජින් මුහුදු මාර්ගයෙන් පැමිණ සොරාගන්නා විට ධීවරයින් විසින් මෙම චෝදනාව එල්ලකිරිම සාධාරණය.

දළුව සිදුවිම මේ දිනවල සමාජ මාධ්‍ය වල වැඩිම අවධානයක් දිනා ගත් සිද්ධිය බවට පත්ව තිබේ.
ප්‍රදේශවාසින් එක්ව හොරබඩු ජාවාරමක් වටලා තිබියදි පොලිසිය සහ නාවික හමුදාව කටයුතු කරන්නේ ජනතාව පැත්තේ හිටිගෙනද යන්න සැබැවින්ම ගැටලුවකි.

නිල ඇඳුමින් සිටින නාවික හමුදා සෙබළුන් පවා ගම්වාසින්ව සිය ජංගම දුරකතන වලින් දිගින් දිගටම විඩියෝ ගත කිරිමද පැහැදිලිව නිරික්ෂණය කළහැක.

නව හමුදාපති රියල් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු නාවුක හමුදාපතිධූරයෙන් පිදුම් ලැබු පසු පුත්තලම් දිස්ත්‍රික්කයට පළමු වරට ලැබුණ ඉහල හමුදා තනතුර වෙනුවෙන් සුබපැතුම් එක්කළ බොහෝ දෙනෙකු නාවික හමුදාපති වරයා ගේ අවධානයට මේ සියලු කරුණු ,යෝජනා,විවේචන සමාජ මාධ්‍ය හරහා සටහන් කර තිබුනි. ඒ අතර විශේෂ ඉල්ලීමක් වී තිබුනේ වයඹ වෙරළ තීරයේ සිදුවන නීති විරෝධී ක්‍රියාවන් නැවැත්වීමය.

මේ වන විට ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය හරහා මේතරම් නිතිවිරෝධි ද්‍රව්‍ය තොගයක් වයඹ මුහුදු තීරයට පැමිණෙන්නේ කෙසේද යන්න පැහැදිලි ගැටළුවකි. මේ බොහෝ අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ වෙරළාසන්නයේදි වන අතර
දිනපතා ලැබෙන මෙම වැටලීම් වලින් අසන්නට ලැබෙන්නේ,බීඩිකොල,මත්පෙති, ගංජා , ෂැම්පෝ, එනසාල්,කහ,කරාබුනැටි, තවත් ආහාර ද්‍රව්‍ය වැටලූ බවයි.
මෙතරම් ආරක්ෂාවක් තිබියදී දිනපතා මේ ආකාරයට නිති විරෝධී ද්‍රව්‍ය වයඹ වෙරළ තිරයට පැමිණීම හරහා ගම්‍යවන්නේ කුමක්ද ? මේ ජාවාරම්කරුවන් නාවික හමුදාවට බය නැති බව නොවේද?

වයඹ වෙරළ තීරයේ සිදුවීම් සම්බන්ධයෙන් නාවික හමුදාවට එරෙහි මේ ආකාරයට එල්ලවෙමින් පවතින චෝදනා සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනක් ඇරඹිමට වත්මන් නාවික හමුදාපතිවරයා කටයුතු කරනු ඇතැයි වයඹ තිරයේ පුරවැසි ක්‍රියාකාරින්ගේ පොදු ඉල්ලිම බවට පත්ව තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article