spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

හලාවත තිරික්කල් තරගයකදී ගවයෙකු තුවාල ලබයි -4 දෙනෙකු අත්අඩංගුවට

Must read

හලාවත ප්‍රදේශයේ පවත්වන ලද තිරික්කල තරගයකදී ඊට සහභාගී වී සිටි ගවයෙකු තුවාල ලැබීමේ පුවතක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා විය. මෙම පුවත සම්බන්ධයෙන් සත්ව සුබසාධන සංවිධාන වල මැදිහත්වීමක් සිදුව ඇති අතර මෙම සිදුවීමට මුහුණ දුන් ගවයාට ප්‍රතිකාර කිරීමට බව් බව් Baw Baw Animal Welfare ආයතනය ඉදිරිපත් වී ඇති බව එම සංවිධානය දැනුම් දී තිබේ. එමෙන්ම අදාළ තිරික්කල තරගය සංවිධානය කළ සහ ඊට සම්බන්ධ වූ පුද්ගලයන් හතර දෙනෙකු (04) මේ වන විට හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට දින (මාර්තු 25) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සත්වයා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, බාහිර තුවාල කිසිවක් නොමැති බවත් පොලීසිය විසින් තහවුරුකර තිබේ. මේම සිදුවීමට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමත් ඒ සම්බන්ධයෙන් මැදිහත්වූ ආකාරය ගැන සත්ව සුබසාධන සංවිධාන විසින් හලාවත පොලීසියට ස්තූතිය පුදකර ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article