Sunday, May 19, 2024

අචලට සභාපතිකම දුන්නාට සිසිර ඇතුලු පිරිසක් සටනට !

Must read

kurunegala_ps_

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ පළමු මහ සභා රැස්වීම හෙට (05 දා) පැවැත්වීමට නියමිත අතර එම රැස්වීම උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි.

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අචල නිමන්ත මහතා පත් වී සිටින අතර එම පත්කිරීමට එරෙහිව පොදුජන පෙරමුණ නියෝජනය කරන සිසිර කුමාර මහතා ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් හෙට දිනයේදී විරෝධය දැක්වීමට නියමිත බවත් වයඹ ටුඩේ වෙත වැඩිදුරටත් වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන සදහා සභාපතිවරුන් පත්කිරීම එම පක්ෂයේ දිස්ත්‍රික් නායකයින් වෙත පවරා තිබිණි. ඒ අනුව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නායකයින් ලෙස කටයුතු කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සාලින්ද දිසානායක යන මහත්වරුන් විසින් කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සදහා සිසිර කුමාර මහතාගේ නම නිර්දේශ කර පක්ෂ මූලස්ථානයට යවා තිබූ බව කියැවෙයි. කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත සිසිර කුමාර මහතාගේ නම වෙනුවට අචල නිමන්ත මහතාගේ නම සභාපති ධූරය සදහා නම් කරමින් ගැසට් නිවේදනය නිකුත් වී ඇති බවද වාර්තා වෙයි. ජ්‍යෙෂ්ඨත්වයෙන්, පළපුරුද්දෙන් සහ පක්ෂය වෙනුවෙන් කළ කැපකිරීම්වලින් ඉහළින්ම සිටින තමන්ට සභාපති තනතුර හිමිවිය යුතු බව සිසිර කුමාර මහතාගේ ඉල්ලීම වී ඇති අතර ඔහුට සහාය පළකරමින් කුරුණෑගල ප්‍රාදේශීය සභාව සදහා ‍තේරී පත්ව සිටින මන්ත්‍රී පිරිසක්ද එක්ව සිටින බව කියැවෙයි.

තම නිර්දේශ නොසලකා හරිමින් අචල නිමන්ත මහතා සභාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සාලින්ද දිසානායක යන මහත්වරුන් ද, බැසිල් රාජපක්ෂ මහතා සමග මත ගැටුමක් ඇතිකරගෙන සිටින බවද වැඩිදුරටත් වාර්තා වෙයි. කෙසේවෙතත් මේ සියලු කරුණු සැලකීමේදී හෙට පැවැත්වීමට නියමිත කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ පළමු මහ සභා රැස්වීම වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවට විශ්වාස කළ හැකිය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article