Sunday, May 5, 2024

අතුලගේ පුතාගෙනුත් සෙල්ෆියක් !

Must read

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මැති ඇමැතිවරුන්ගේ පුත‍්‍රයින් ඔවුන්ගේ පියවරුන් සමග විවිධ අවස්ථාවලදී ගන්නා සෙල්ෆි ඡායාරූප ෆේස්බුක් ගිණුම් වෙත මුදාහැරීමේ ‘රැල්ලක් ’ මේ වන විට නිර්මාණය වෙමින් තිබෙනවා.

මේ අනුව වයඹ හිටපු මහ ඇමැති අතුල විජේසිංහ මහතාගේ පුත් යසස් අනූපම විජේසිංහ මහතාද සිය පියා සමගින් ගත් සෙල්ෆි ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

අතුල විජේසිංහ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරගවැදීම වෙනුවෙන් නාමයෝජනා පත‍්‍රවලට අත්සන් තැබීමෙන් පසුව අදාල සෙල්ෆි ඡායාරූපය ගත් බවයි යසස් විජේසිංහ මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත්තේ.

වයඹ පළාත් සභා මන්ත‍්‍රී පියුමාල් හේරත් මහතා සිය පියාණන් වන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයරත්න හේරත් මහතා  මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් සිටියදී ඔහු පසුබිමේ සිටින සේ ගත් සෙල්ෆි ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ බව මීට පෙර වයඹ ටුඩේ වෙබ් අඩවිය විසින් වාර්තා කළා.

anupma

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article