Saturday, May 18, 2024

පුත්තලම් එජාප දේශපාලනය යනු දිස්ත්‍රික් සංවිධායකයාගේ පුද්ගලික බුදලයක්ද?

Must read

010ccb8e585030f6c3f77cef7eb4ffcdවෙන්නප්පුවේ පෙරේරා පවුල් යනු එක්සත් ජාතික පක්ෂයේ එක් ප්‍රධාන කුඵණක් බදු වු ප්‍රධාන මධ්‍යස්ථානයකි.ඒ පවුල කොතරම් නම් ප්‍රසිද්ධියට පත්වුයේද කියනවා නම් වෙන්නප්පුවේ නම කළු බළලෙකුට ඇදා රටටම ගෙන ගිය යුගයක්ද විය.
කෙසේ වෙතත් මේ පවුල නිසා පුත්තලම් දිස්ත්‍රික්කයේ දේශපාලකයන් ගණනාවකගේ දේශපාලන ඉරණම දංගෙඩියට කැදවාගෙන යනු ලැබිය.
මේ පවුල කල්පනා කරන්නේ චිත්‍රාල් සිටිය යුත්තේ පළාත් සභා දේශපාලනය තුල පමණක් බවය.
එපමණක් නොව වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායකධුරය දරන ජුඩ්ලා සිටිය යුත්තේ ප්‍රාදේශිය සභා දේශපාලනය තුල පමණක් බවය.සරත් වික්‍රමරත්න ගැනද එසේමය,
ඒ පවුලට අනුව පාර්ලිමේන්තු දේශපාලනය හිමිවිය යුත්තේ ඒ පවුලට පමණි.
වයඹ පළාත් සභා මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මේ දඩුකදට අසුව වසර ගණනාවකින් පිඩා විදි එක් දේශපාලකයෙකි.
ඔහුට තිබුනේ මේ පවුල මරාගෙන මැරෙන තරමේ වෛරයක් යැයි තතු දන්නෝ එමටය.
කිර්තිමත් ව්‍යාපාරිකයෙකු වු මෙරිල් පෙරේරා තවත් අයෙකි.
මේ ලයිස්තුවේ අළුත් ම බිල්ල වුයේ වයඹ පළාත් සභා මන්ත්‍රි චිත්‍රාල් ප්‍රනාන්දුය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළුව නාමයෝජනා කමිටු ප්‍රධානියෙකු වු මලික් සමරවික්‍රමගේද පුර්ණ ආශිවර්වාදය මැද නාමයෝජනා ලැබේවි යැයි මහත් බලපොරොත්තුවෙන් ගෙදර පැමිණි චිත්‍රාල්ට පසුදින ඉතිරි වි තිබුනේ නාමයෝජනා අත්සන් කිරිම පමණි.
එදින රැ ක්‍රියාත්මක වු එජාප පරපෝෂිත පවුල හලාවතින් ඡන්ද 100 ක් වත් හොලවාගන්නට බැරි හිලරි ප්‍රසන්න වෙනුවෙන් පුත්තලමට අහිමි කලේ එහි ලයිස්තුවේ සිටින 11 දෙනා අතුරින් කැත නැතිව ප්‍රතිපත්තිගරුකම එකා යැයි කිව හැකි තරුණ දේශපාලකයාවය.
කෙසේ වෙතත් මේ දේශපාලන කුහකත්වය පුත්තලම් දේශපාලනයෙන් අතුගා දැමිය යුතුව තිබේ.
මහින්දගේ වියරුවට එරෙහිව පාරට එන වයඹ ජනයා මේ යථාවද තේරුම්ගනු නොඅනුමානය.
www.meepura.com

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article