Monday, May 6, 2024

අධිබලැති එන්ජින් සහිත යතුරුපැදි පොලිසියෙන් නිදහස්කර දෙන්නම් කියා කප්පම් අරන් ???

Must read

mbike 1වෙන්නප්පුව පොලිස් රථවාහන අංශයේ නිළධාරින් විසින් පසුගියදා අත් අඩංගුවට ගත් මාර්ගයේ ධාවනයට තහනම් කර ඇති අධිබල එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරුපැදියක් මුදාදෙන පවසා යතුරුපැදි හිමිකරුගෙන් මුදල් ලබාගත් පුද්ගලයන් දෙදෙනෙක් අද 05 උදැසන සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල කොස්වාඩිය ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකි මෙම පුද්ගලයන් තමන් වෙන්නපුවේ පොලිසියේ රාළහාමි කෙනෙක් බවත් පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට කතාකොට රුපියල් 50000 ක් ලබා දුනහොත් මෙම යතුරුපැදි මුදාදෙන බව පවසා මෙම මුදල් ලබාගෙන ඇති බව පොලිසිය කීය එහෙත් එම යතුරුපැදි මුදා නොදුන් නිසා වෙන්නප්පුව පොලිසියට ඉහත පුද්ගලයන් හා ඔවුන්ගේ දුරකතන අංක පිළිබඳව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පරික්ෂණ පවත්වා මෙම සැකකරුවන් අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් දසනායක උප පොලිස් පරික්ෂක ජයමහ සැරයන් 23806 කුලරත්න 24043 ජයන්ත යන නිළධාරින් විසින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.
චන්දන ප්‍රනාන්දු – වෙන්නප්පුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article