Sunday, May 19, 2024

අයහපත් කාලගුණය කරවල නිෂ්පාදනය අඩපන වෙයි

Must read

01 (7)

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කරවල නිෂ්පාදනය කිරීම ගැටළුවක් බවට පත්ව ඇති බව ධීවරයින් සඳහන් කරයි.

වාරකන් සමය ආරම්භයත් සමල බොහෝ ධිවරයින්ට මුහුදු රැකියාව අහිමි වෙයි.ඊට හේතුව වී ඇත්තේ මුහුද රළු වීම නිසා තෙප්පම්,ඔරු වැනි කුඩා ප්‍රමාණයේ යාත්‍රා වලින් ගොස් මසුන් මැරීම අවදානම් සහගත වන බැවිනි.මෙම කාලයේදී බොහෝ ධීවරයින් වලාලය පවතින නැගෙනහිර මුහුදු සීමාවට සංක්‍රමණය වී රැකියා කිරීමද සිදු කරති.

වාරකන් සමය අරම්භ වීමත් සමග මුහුදේ නිර්මාණය වන දිය වැල් සමග හුරුල්ලන් සහ කීරමින් සාලයා නැමති මාළු විශේෂය ගැඹුරු මුහුදේදී අල්ලා ගත හැකි බව ධීවරයින් සදහන් කරයි.එම මාළු වර්ග දෙක කරවල බවට පත් කිරීමෙන් ඉහළ ආදායමක් ලබා ගත හැකි බවද ඔවුන් සදහන් කරයි.

ඒ අනුව ගැඹුරු මුහුදේදී අසීරුවෙල් අල්ලා ගන්නා හුරුල්ලන් සහ කීරමින් සාලයින් කරවල බවට පත් කිරීම ධීවර කාන්තාවන් විසින් සිදු කරති.නමුත් මේ දිනවල පවතින අයහත් කාලගුණය ඊට හරස් වී ඇති බව ඔවුන් සදහන් කරයි. පවතින තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී වෙළඳපළ තුල කරවල මිළ ඉහළ යාමට ඉඩ ඇති බවද ඔවුන් සඳහන් කරයි. 03 (1)


ඡායාරෑප – ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article