Saturday, May 4, 2024

අරුන්දික ගෙන ආ චීනාව පිටුවහල් කිරීමට නියෝග

Must read

ගමන් බලපත්‍ර දෙකක් සන්තකයේ තබාගනිමින් මෙරටට පැමිණ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින්

සිය භාරයට ගත් චීන ජාතිකයාව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර තිබේ.

අදාළ චීන ජාතිකයා පසුගිය 18 වන දින රාත්‍රී ඩුබායි හි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී එම චීන ජාතිකයා සතුව චීන ගුවන් ගමන් බලපත්‍රයකට අමතරව අප්‍රිකානු රටක් වන ගිනියාවට අයත් ගුවන් බලපත්‍රයක් ද තිබි ඇති බව අනාවරණය වීමත් සමඟ ඔහුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගනු ලැබීය.

මේ අතර ආරක්ෂක අංශ භාරයේ රඳවා තබාගැනීමට පියවර ගැනීමත් සමඟ ඔහු ගුවන් තොටුපොළ තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බව වාර්තා විය.

කෙසේ වෙතත් ඔහුව මුදාහැරීමට පියවර ගෙන තිබුණු අතර නැවත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ නියෝගයකට අනුව ඔහුව නැවත ආගමන විගමන දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශයක්ද සටහන් කරගනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව හා විදෙස් ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව එම චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර ඇත.



රාජ්‍ය ඇමති අරුන්දක ගෙන් ප්‍රකාශයක්

ආගමන විගමන නිලධාරීන් මෙම චීන ජාතිකයාගේ ගුවන් ගමන් බලපත්‍රය ව්‍යජ එකක් බව හඳුනාගෙන ඔවුන් රටට ඇතුළුවීම වළක්වනු ලැබුවේය. එම සිදුවීම වාර්තා වන්නේ පසුගිය 18 වැනිදා බ්‍රහස්පතින්දාය.

එම අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් වෙත බලපෑම් සහගත දුරකථන ඇමතුම් කීපයක්ම ලැබී තිබු අතර මෙම පුද්ගලයා  ගුවන්තොටුපල නිලධාරීන්ට අල්ලස් දීමට ද තැත් කර තිබූ බව ආගමන විගමන නිලධාරීහු ප්‍රකාශ කළහ.

නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා, මොහු ආයෝජකයකු බවත්, රටට පැමිණියේ තමන්ගේ නිවාස ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට බවත් දන්වා ඔහු නිදහස් කරන ලෙස ආගමන විගමන පාලකවරයා වෙත ලිඛිතව ඉල්ලා තිබිණ.

fgfgඅරුන්දික ඇමතිගේ ලිඛිත ඉල්ලීම

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article