Friday, May 3, 2024

අලි සබ්‍රි රහීම්ට ගැසූ දඩය මදි – සිවිල් සංවිධානයක් අල්ලස් කොමිසමට පැමිනිලි කරයි

Must read

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මන්ත්‍රීවරයා පසුගිය දිනක නීති විරෝධී ලෙස රත්තරන් කිලෝ 3.39 ක් මෙරටට ගෙන එම නිසා ඔහුව රේගු බාරයට ගන්නා ලදී. පසුව ඔහුව රැපියල් ලක්ෂ 75ක දඩයක් නියම කොට මුදා හරින ලදී. මේ සම්බන්ධයෙන් අද සිවිල් සංවිධන නියෝජිතයින් පිරිසක් අල්ලස් දුෂණ කොමිසම වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙලෙස ලක්ෂ 75 ක දඩයකට යටත් කිරීම නිසා රජයට රැපියල් ලක්ෂ 600ක පාඩුවක් සිදුවී ඇති බවයි. රත්තරන් තොගයේ වටිනාකමට සමාන තුන්ගුණයක දඩයක් රේගු ආඥා පනත යටතේ අයකර ගතහැකිව තිබෙන අ.ර අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාට රැ ලක්ෂ 75ක දඩයකට යටත් කිරීම වංචාවක් හා දූෂණයක් බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් අල්ලස් හා දූෂණ කොමිසමෙන් ඉල්ලා සිටි බවත් අල්ලස් -දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ප්‍රකාශ කරන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article