Saturday, May 18, 2024

අශෝක ප්‍රියන්තට මහවැව ජනතාවගේ විරෝධය !

Must read

09(1)ජාතික පාසලක් බවට පත් කිරීමට යෝජනා කර තිබූ මහවැව ධර්මරාජ මහා විද්‍යාලය ඉන් ඉවත් කර වෙනත් පාසලක් ඒ වෙනුවට වෙනත් පාසලක් නම් කිරීමට විරෝධය පළ කරමින් පැවති විරෝධතාවයක් හේතුවෙන් ඊයේ (13) වැනිදා පෙරවරුදී පැවැත්විණි.
ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට මහා සංඝරත්නය සහ පළාත් පාලන නියෝජිතයින්ද එක්ව සිටියේය.

ජාතික පාසලක් වශයෙන් නම් කිරීමට ඇති නිර්නායක අතරින් 04 ක් මහවැව ධර්මරාජ මහා විද්‍යාලය සපුරා ඇති බවත්,නමුත් නිර්නායක 04 ක් පමණක් සපුරා ඇති පාසලක් වර්තමානයේ යෝජනා වී ඇති බවත් විරෝධතාවයට එක්ව සිටි පිරිස කියා සිටියේය.එමෙන්ම නාත්තන්ඩිය සහ මාරවිල ප්‍රදේශ වල ජාතික මට්ටමේ පාසල් කීපයක්ම තිබෙන වටපිටාවක් තුළ මාරවිල නගරය තවත් ජාතික පාසලක් නම් කිරීම අසාධාරණ බවද විරෝධතාකරුවන් කියා සිටියේය.

මෙම වෙනස් කිරීම සිදු කර ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලකයෙකු විසින් බවටද විරෝධතාකරුවන් චෝදනා කර සිටියේය.

විරෝධතාකරුවන්  විසින් අවහිර කිරීම හේතුවෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය 03 කට වැඩි කාලයක් ඇණ හිටියේය. විකල්ප මාර්ග භාවිතා කරමින් වාහන හරවා යැවීමට පොලීසිය කටයුතු කරන ලදි.පොලීසිය විසින් අවහිර වී තිබූ මාර්ගය විවෘත කිරීමට උත්සාහ කරන අවස්ථා වන්හිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්ද දක්නට තිබුණි.

මාරවිල පොලීසියට අමතරව වෙනත් පොලීසි වලින්ද අමතර බල ඇණි කැදවා තිබුණි.

හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සද්ධාමංගල සුභසිංහ මහතා පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡාවක් පවත්වන ලද නමුත් එයද අසාර්ථ විය.අවසානයේදී දුරකතනයහ ඔස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට විරෝධතාකරුවන් සමත් විය.

සිදුවී ඇත්තේ කුමක්ද යන්න සොයා බලා විසදුමක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා එකගවීමෙන් අනතුරුව විරෝධතාවය අවසන් විය.

02(3) 05(3) 03(3) 08(1)06(4)10(1)

 

ඡායාරූප – ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article