Sunday, May 5, 2024

පෞරාණිකත්වය නොඉවසන කුරුණෑගල නගර සභාව

Must read

133298694_2763335870571992_4395580377607828108_o
කුරුණෑගල නගරසභාවේ තීරණයක් මත මාස කීපයකට පෙර එම නගරයේ පිහිටි ” රාජසභාව ”  යයි පැවසෙන ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට පියවර ගැනීම ගැන ජනතා විරෝධයක් ඇති වූ අතර ඒ සම්බන්ධයෙන් ආන්ඩුව පැත්තෙන් ගන්නවා යයි කිවූ කිසිදු නීතිමය පියවරක් හෝ වෙනත්  ක්‍රියාමාර්ගයක් නොගැනුනි.
කඩා දැමූ එම ගොඩනැගිල්ලේ සුන්බුන් එසේ තිබියදී ඊට ආසන්නවම  දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ඉදිකිරීම් මේ වනවිට සිදු වෙමින් පවතී. ඒ අතර සුන්බුන් වූ ගොඩනැගිල්ලේ තනිවට පොලිස් නිලධාරියෙකු රඳවා ඇති බව පෙනේ.
ඉදිරියේදී සිදුවිය හැකි එකම දේ වනු ඇත්තේ එම ගොඩනැගිල්ල ස්වාභාවිකව ගරා වැටී දිරාපත් වීම පමණි.

මේ අතර නගර සභාවට අයත් රජපිහිල්ල උද්‍යානයේ අවුරුදු සියයකටත් වඩා අධික කාලයක් පැරණි ගස් තිස් ගණනක් කපා දමා එහි පිහිටි පෞරාණික වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක්ද කඩා දමා මහජන විරෝධතාවයකට මඟ පාදමින් කුරුණෑගල නගර සභාව තවත් චංඩිකමක් කර ඇත.
රජපිහිල්ල උද්‍යානය නවීකරණය කර එහි වටපිටාව ජනතාවට සුවපහසුව  සහිත ආකර්ෂණීය තැනක් බවට පත්කිරීම අවිවාදිත   පියවරක් වන අතර එය කලයුත්තේ එහි පැවති පෞරාණික වටිනාකම් වලට හානියක් සිදු නොවන ආකාරයෙන් බව ජනතාවගේ අදහස වේ. එහෙත් සිදු නොවිය යුතු විනාශය දැන් එහි සිදුවී අවසානය. එම උද්‍යානය යකා නැටූ පිටියක් සේ දැනට දිස්වන අතර මේ වනවිට එහි කිසිදු ආකාරයක කාර්යයක් ක්  සිදුවන්නේද නැත.


133903086_2763335600572019_8565011463735491718_o

ඥානවීර දිසානායක.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article