Sunday, May 19, 2024

ආපදා වලදී කැඳවන්නේ නැති ආපදා කළමණාකරන කමිටුවක් වෙන්නප්පුවට කුමටද ?

Must read

184829830_1895005820656664_7293478948894980535_n
දැනට මාස  එකහමාරක පමණ සිට වෙන්නප්පුව නගරය ආපදා තත්ත්වයන් කීපයකට ගොදුරු විය. නගරයේ ප්‍රධාන ස්ථාන කීපයක් (  නයිනමඩම – හලාවත පාර, ලුණුවිල හන්දිය, කොස්ගස් හන්දියේ සිට ඇල්බට් ඇෆ් ක්‍රීඩාංගනය දක්වා හලාවත ප්‍රධාන පාර)  අධික වර්ෂා දවස් වලට යටවෙන අතර , මේ වනවිට බන්ඩිරිප්පුව, දෙමටපිටිය, ගම්වලටද ගංවතුර පැමින ජනතාව පීඩාවට පත්ව සිටිති. ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශ නියෝජනය කරන ප්‍රා.සභා නියෝජිතයින්ට සිදුකරන්නටද වගකීම් රාශියක් තිබේ.  එමෙන්ම පසුගිය කුණාටුව පැවති සති කීපයක් වෙන්නප්පුව තුළත්  මුහුදු ඛාදනය තදින් සිදුවූ අතර වෙන්නප්පුව ප්‍රා.සභාපති සුසන්ත පෙරේරා සිය නිලධාරීන් හා කම්කරුවන් සහභාගී කරගනිමින් මෙම ස්ථාන  පිළසකර කරන්නට මැදිහත්වී තිබුණ අයුරු ඔහුගේ Face Book පිටුවේ  පළකර තිබුණි. පසුගියදා මහා වර්ෂාවට ලුණුවිල හන්දිය සුපුරුදු ලෙස ජලයෙන් යටවූ අතර හැමදාමත් කරන මුහුද දෙසට කාණු කැපීමට සාකච්ඡා නැවතත් සිදුකර තිබුනි. සේවියර් මාවත හරහා මුහුදට ජලය බැස්සවීම සදහා අදාළ නිලධාරීන් හා ප්‍රදේශවාසීන්  සමඟ ප්‍රාදේශීය සභාවේ සාකච්ඡාවක්ද පවත්වා තිබුණි.  වෙන්නප්පුව  ප්‍රා.සභාවට මහජන ඡන්දයෙන් පත්වූ ප්‍රා. සභා මන්ත්‍රීවරුන්ගෙන් හා මන්ත්‍රීවරියන්ගෙන් සැදුම්ලත් විවිධ විෂයන් සම්බන්ධයෙන් කමිටු තිබෙන අතර පොදු පහසුකම් සහ ආපදා කළමණාකාරන කමිටුව ඉන් ප්‍රධාන තැනක් ගනියි. මෙම පොදු පහසුකම් සහ ආපදා කළමණාකරන කමිටුව  අවසන් වරට කැඳවා ඇත්තේ,
2021- 04-20 වනදාය.
ඉන් පසු සිදුවූ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ ඇඳිරිනීතිය පැනවූ අවස්ථාවේ හෝ මේ වනවිට සිදුවී ඇති ගංවතුර ආපාදාව හමුවේ වත් මෙම කමිටුව කැඳවා  කිසිදු යෝජනාවක් සැලකිල්ලට ගෙන හෝ කිසිඳු තීරණයක් දැනුම් දී නොමැත.
කොවිඩ් වසංගතය නිසා රැස්වීමක් කැඳවන්නට  නොහැකි නම් සභාපතිවරයා පසුගියදා සේවියර් මාවතේ ප්‍රදේශවාසීන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමද වැරදිය.
මෙම කළමණාකරන කමිටුව නොකැඳවා ප්‍රා.සභාපති සුසන්ත පෙරේරා තනිව සිදුකරන වැඩ ඔහුගේ ඊළඟ දේශපාලන තල්ලුව වෙනුවෙන් සිදුකරන වැඩ හැටියට නම්කළ හැකිය. ජනතාව අතර ජනප්‍රියබාවය වැඩිකරගැනීමට මෙවැනි දේ සිදුකරනවා විය හැකියි.  ඕනෑම අවස්ථාවකදී වෙන්නප්පුව ප්‍රා. සභාවට යම් කටයුත්තක් සදහා දුරකථන ඇමතුමක් දී අදාළ නිලධාරියෙකු හෝ ලේකම් ඇමතු විට ”කරුණාකරලා සුසන්ත මහත්තයාට කියන්න එයා ඔය ප්‍රශ්නේ විසදලා දෙයි” වැනි පිළිතුරක් දුරකථන  ඔපරේටර්වරයාගෙන් අනිවාර්්‍යෙයන්ම ලැබෙයි.   ඒ කියන්නේ වෙන්නප්පුව ප්‍රා. සභාවේ ලේකම්ට හෝ වෙනත් නිසි බලධාරීන් මහජනයාට වග නොකියන බවද ?  මේ සිදුවෙමින් තිබෙන්නේ  ප්‍රා. සභාව සුසන්තකරණය වීමයි.  සියල්ලට පිළිතුරු සපයන්නේ ඔහුය. ඒ මදිවාට මහජන ඡන්දයෙන් පත්වූ  නියෝජිතයින් රැස්කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාව  තක්කඩි ලෙස පැහැර හරිමින් ඔහු ඔහුගේ ඒකාධිකාරයට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව යටත් කරගෙන සිටියි. පාස්කු ප්‍රහාරය සිදුවී මාසයක් ගිය විට දංකොටුව  පොදු වෙළඳපොලේ මුස්ලිම් වෙළෙඳුන් පැමිණිමේ ඉඩ අහුරන ලෙසට දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකළේද මේ ආකාරයේම තනි කැමත්තටය. ඉන්පසු මුස්ලිම් වෙළෙඳුන් විසින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් සුසන්ත පෙරේරාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකරන ලදී. එහිදී නඩුගාස්තු ගෙවීම සඳහා ප්‍රා.සභාවේ අරමුදල් ලබාදෙන ලෙස ඉල්ලීමක්ද ප්‍රා. සභාවට යෝජනා වූ අතර එයද  බැරවුයේ ජනතාවගේ මහජන මුදල් වලටය. ඔහු ගන්නා තනි තීරණ වෙනුවෙන් ප්‍රා.සභාව හෝ ජනතාව වන්දි ගෙවිය යුත්තේ ඇයි ? එය ගෙවිය යුත්තේ ඔහුගේ පුද්ගලික මුදල් වලිනි.
ඔහුගේ මේ ක්‍රියාවලිය බහුතර සමගි බලවේගය නියෝජනය කරන වෙන්නප්පුව ප්‍රා. සභා විපක්ෂයද (ජවිපෙ හැර ) අනුමත කරමින් නිහඬ පිලවෙතක් රකින බව පෙනේ. නමුත් මින් සිදුවන්නේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය වීම මෙන්ම බහු නියෝජනයක් සහිතව මහජන ප්‍රශ්න වලට නිවරදිව විසදුම් සෙවීමට නොහැකිවීමයි. ඒ සඳහා වෙන්න්පුව ප්‍රා.සභාවේ හඩනඟන්නට සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා පමණක් බව දන්නෝ දනිති.
ඉදිරියේදී කොවිඩ් එන්නත පුත්ලම් දිස්ත්‍රික්කයට ලැබීමට නියමිතය. මෙයද  ප්‍රා. සභාවේ සුසන්තකරණයට හසුවේදැයි වෙන්නප්පුවේ යුක්ති ගරුක ජනතාව බලා සිටිති.

පහත පළවන්නේ මෙම පොදුපහසුකම් සහ ආපදා කළමණාකරන කමිටුව නියෝජනය කරන මහජන නියෝජිතයින්ගේ නාම ලේඛනයයි.

disastercomitee

උපුටනය – වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයාගේ Face Book පිටුවෙන්

ප්රතිපාදන වෙන්වු ලුණුවිල මංසන්ධියේ එක්රැස් වන වැසි ජලය සේවියර් මාවත හරහා මුහුදට ගලා බැස්වීමට කාණු පද්ධතිය සෑදීම පිළිබඳව අදාළ නිළධාරීන් හා සේවියර් මාවතේ ප්රදේශ වාසින් සමග පැවැත්වු සාකච්ඡාව. 

186524102_1902490243241555_980082337542827732_n (1)

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article