Sunday, May 5, 2024

“ආරච්චිකට්ටුවේ ඩෝසර් එකක් දාලා ඉස්සන් ගොවිපලක් සකස් කරන්න නෙමෙයි විල්බැරෝ එකක් තල්ලු කරන්නවත් බෑ දේශපාලන අනුමැතිය නැතිව – පා.ම.නලින් බන්ඩාර

Must read

1598871989070_04
මෙරට තුළ කිසියම් ස්ථානයක පරිසර විනාශයක් හෝ ජනතාවට සෘජුව බලපෑම් කරන යම් දෙයක් සිදු වන්නේ නම් වගකිව යුතු විපක්ෂයෙක් ලෙස ඊට සෘජුව මැදිහත් වන බව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේය.
ආනවිළුන්දාව රම්සා අභය භූමිය තුළ සිදු කර ඇති ඉස්සන් පොකුණක් සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමසූරිය මහතා මෙසේ පැවසීය.රම්සා ගිවිසුම 1971 වසරේ අත්සන් කර 1975 සිට ක්‍රියාත්මක වෙනවා. රම්සා අභය භූමිය සදහා ලෝකයේ හෙක්ටයාර් 2300 ක් පමණ වෙන් කර තිබෙනවා.මේ ගැටළුව අපේ රටට පමණක් බලපාන දෙයක් නෙමෙයි. මේක ජාත්‍යන්තර ප්‍රශ්ණයක්.මොකද රම්සා ගිවිසුමට අපි අත්සන් කර තිබෙන බව අමතක නොකළ යුතුයි.
උද්ගත වෙලා තියන ප්‍රශ්ණය ආරච්චිකට්ටුවට,මේ රටට පමණක් බලපාන දෙයක් නොවන බව අපි කියන්නේ අන්න ඒ නිසයි.මේ කර ඇති විනාශයට රජය මෙන්ම විෂය බාර ඇමතිවරයාද සෘජුව වගකිව යුතු බව අපි කියන්න කැමතියි.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකර මහතා මෙසේ පැවසීය.වර්තමාන ආණ්ඩුවට ජනතාව 2/3 ක බලයක් දුන්නේ පරිසරය විනාශ කරන්න නෙමෙයි.අද මේ විනාශය සිදු කරන්නේ පුත්තලමේ පමණක් නොවේ.රටේ සෑම ස්ථානයකම මේ වාගේ දේවල් සිද්ධ වෙනවා. ආනවිළුන්දාවේ සිද්ධවෙලා තියන විනාශයට නිලධාරීන්ද වග කිව යුතුයි.ඒ අය කොහේද හිටියේ මේ තරම් විනාශයක් කරන තුරු.නිලධාරීන්ගෙන් ප්‍රශ්ණ කළහොත් මේ විනාශ කරපු අයගේ ඇත්ත නැත්ත දැන ගන්න පුළුවන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේ පැවසීය.මේ ඉස්සන් ගොවිපල සකස් කරලා තියෙන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ.ඒක ඉතාම පැහැදිලියි.ඒ අනුව අපිට කියන්න පුළුවන් මේ කටයුත්තට ආණ්ඩුවේ අය සම්බන්ධයි කියලා.විපක්ෂයක් හැටියට අපිට මේ වාගේ දේවල් වලදී ඇහ කණ ලියා ගෙන ඉන්න බැහැ.ඒ නිසා තමයි අපි අද මෙතෙන්ට ඇවිත් ඇත්ත නැත්ත දැන ගත්තේ.කරලා තියන විනාශයට සාධාරණයක් වෙන තුරු අපි ඉන්නවා කියන එක කියන්න කැමතියි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මෙසේ පැවසීය.මේ සිද්ධිය වෙලා තියෙන්නේ ආරච්චිකට්ටුවේ.අපි දන්න විධියට ඩෝසර් එකක් දාලා ඉස්සන් ගොවිපලක් සකස් කරන්න නෙමෙයි විල්බැරෝ එකක් තල්ලු කරන්නවත් මේ පැත්තේ බෑ දේශපාලන අනුමැතිය නැතිව බෑ.ඒ වාගේ තත්ත්වයක් තුළ මේ වැඩේ කරලා තියෙන්නේ කව්ද කියන එක ඉතාමත්ම පැහැදිලියි.ඒ නිසා අපි කියන්නේ මේ වැඩේ කලා කියලා අහිංසකයින් අරගෙන නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට ඇත්තටම වගකිව යුත්තන් අත්අඩංගුවට ගෙන කටයුතු කරන්න කියන එකයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉදුනිල් තුෂාර මහතාමෙසේ පැවසීය. පසුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක් එකතු වෙලා ජනාධිපති කෙනෙක් තෝරා ගත්තා.ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මැතිවරණයේදී 2/3 ක බලයක් ඒ අයට ලබා දුන්නා.ඒ වාගේ බලයක් දුන්නේ පරිසරය විනාශ කරන්න නෙමෙයි. වර්තමාන රජය සියළුම බලතල අතට අරගෙන සිදු කරන්න යන්නේ පරිසරය විනාශ කරන්න කියන එකයි අපිට නම් පේන්න තියෙන්නේ.එක පැත්තකින් සිංහරාජය විනාශ කරන කොට අනිත් පැත්තෙන් ආනවිළුන්දාව රම්සා අභය භූමිය කපනවා.මේක මහා විනාශයක්.ආණඩුව මේ හදන්නේ පරිසරය විනාශ කරලා රටේම ඉන්න ජනතාවට හුස්ම ගන්න තියන අයිතිය නැති කිරීමටයි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා මෙසේ පැවසීය.ආනවිළුන්දාවේ කරලා තියන විනාශය අද අපි ඇස් දෙකෙන් දැක්කා. මේ විනාශය ගැන හොයන්න විෂය බාර ඇමතිවරයා කමිටුවක් පත් කර තිබෙනවානේ.අපි බලාගෙන ඉන්නවා ඒ කමිටුවේ වාර්තාවෙන් මොනවද කියන්නේ කියලා.ඒ විතරක් නෙමෙයි,මේ වාගේ සිද්ධ කරන විනාශයන්ට එරෙහිව ඉදිරියේදීත් කටයුතු කරන්න අපි සුදානමින් සිටින බව කියන්න කැමති.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විජේසුන්දර මහතා මෙසේ පැවසීය. මේකට තමයි කියන්නේ බලය තියන කොට මොලය නැහැ කියලා.මෙතන කරලා තියෙන් මොලේ නැති වැඩක්නේ.කුරුළු අභය භූමියක් තුළ ඉස්සන් ගොවිපලක් නැවත හදන්න යනවා.බලය තිබුණු පලියට මොලේ නැතිව වැඩ කරන්න යන දේශපාලකයින්ට මේක හොද පාඩමක්.1598871978891_01

ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article