Saturday, May 18, 2024

නිවසේ සේවිකාව අස්වී යන විට රත්තරන් ආභරණත් අරන් ගිහින් ??

Must read

gold

නිවසක සේවය කරමින් සිටි මෙහෙකාරියක් විසින් එම නිවසේ හිමිකරුවන් සතුව තිබූ රුපියල් 1,30,000 ක් වටිනා රන් ආභරණ සහ මුදල් රුපියල් 15,000 ක් සොරකම් කර ඇති බවට තිබෙන පැමිණිල්ලක් අනුව විමර්ශණයක් ආරම්භ කර ඇතැයි ආණමඩුව පොලීසිය කියයි.

ආණමඩුව – තට්ටෑව පදිංචි කරුණා කුමාර චන්ද්‍ර (අවු:75) යන අය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශණය ආරම්භ  කර ඇත.

තම නිවසේ මාසකට රුපියල් 15,000 ක දීමනාවක් මත සේවය කරමින් සිටි කාන්තාව පසුගිය පෙබරවාරි මාසයේ නිවසින් ගිය බවත්,පසුව සොයා බලන විට තමන් සතුව තිබූ රන් ආභරණ සහ මුදල් අතුරුදහන් වී ඇති බව දැන ගත්තේ යැයි පැමිණිළිකාරිය පොලීසිය හමුවේ පවසා ඇත.

සැකකාරිය  නොච්චියාගම,පහල හල්මිල්ලවැව පදිංචිකාරියක් බවට හදුනා ගෙන ඇතැයි පොලීසිය කියයි.

සැකකාරිය මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.


ජූඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article