Thursday, May 2, 2024

ආරච්චිකට්ටුව ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Must read

සිරකරුවෝ

(10.41am) ඇඳිරි  නීතිය පවතින අවස්ථාවේදී නාවුක හමුදාවේ සෙබළුන්ගේ රාජකාරියට බාධා කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුව ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී නාවුක හමුදා සෙබඵන් පිරිසක් කරුකුපනේ ගම්මානය තුළ ජංගම මුර සංචාරයක නිරත වෙමින් සිටි අවස්ථාවදී එම ගම්මානයේ නිවසක් තුළ පිරිසක් රැස්වී සිටිනවා දැක ඇති නාවුක හමුදා සෙබළුන් ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට අවවාද කර ඇත. එම අවස්ථාවේදී පැමිණ ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා නාවුක හමුදා සෙබළුන්ගේ රාජකාරියට බාධා කිරීම සිදු කර ඇති බව වාර්තා වේ.

අනතුරුව  නාවුක හමුදා සෙබළුන් විසින් මේ බව ආරච්චිකට්ටුව පොලීසියට පැමිණිළි කර තිබේ. පසුව පොලීසිය විසින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.පසුගිය 28 වැනිදා සවස කරුකුපනේ ගම්මානයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article