Friday, May 17, 2024

ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී යාඥා මෙහෙයකට සහභාගි වූ 06 දෙනෙකුව දංකොටුව පොලීසියෙන් අත්අඩංගුවට

Must read

සිරකරුවෝ

ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී යාඥා මෙහෙයකට සහභාගි වූ බව කියන 06 දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට දංකොටුව පොලීසිය කටයුතු කර ඇත.පසුගිය 04 වැනිදා සවස දංකොටුව – මෝරුක්කුලිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.දංකොටුව – මෝරුක්කුලිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වා ගෙන යන යාඥා මධ්‍යස්ථානයක් තුළ කිසියම් පිරිසක් ආගමික කටයුතු වල නිරත වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තොරතුරු ලැබී ඇත.මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ බව දංකොටුව පොලීසියට දැණුම් දී වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති පිරිස අතර යාඥා මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය දේව ගැතිවරයෙකු,ඔහුගේ බිරිද සහ දරුවන් දෙදෙනාද, පිටස්තර පුද්ගලයෙකුද වන බව පොලීසිය කියයි. සැකකරුවන් සහ සැකකාරියන්ට එරෙහිව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතව ඇත.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article