Friday, May 3, 2024

ඉරණවිල මාදැල් ප්‍රශ්නය ධීවර අධ්‍යක්ෂකවරයා හමුවට

Must read


නිති විරෝධී ආකාරයට සිදුකරන මාදැල් රස්සාව හේතුකොටගෙන මුහුදු වෙරළ හා පරිසරය විනාශවීමත් ඒ ආශ්‍රිතව උද්ගතවී ඇති තවත් ගැටළු රාශියකට මුහුණ දී ඇති ධීවරයින් මේ සම්බන්ධයෙන් දැනුවත්කිරිමට හා විසඳුමක් ඉල්ලා ධීවර ක්‍රියාකාරීන් පිරිසක් පසුගිය 30 වනදා ධීවර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයා හමුවෙන ලදී. මෙම අවස්ථාවට ඉරණවිල ශාන්ත පේදුරු ධීවර සමිතියේ නියෝජිතයින් හා ඉරනවිල යටිතල පහසුකම් සංවර්ධනය හා වෙරළ පරිසරය සුරැකීමේ සංවිධානයේ නියෝජිතයින් සහභාගී වී තිබේ. මෙහිදී අධ්‍යෂක්ෂකවරයා හමුවේ නීති විරෝධී ආකාරයට ඉරණවිල සිදුකරන මාදැල් රස්සාව හා සම්බන්ධ ගැටලු ඉදිරිපත්කළ අතර එම අවස්ථාවේදී අධ්‍යක්ෂකවරයා විසින් මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අමාත්‍යාංශයේ නිලධාරියෙකු කැඳවා විමසීමක් ද සිදුකර ඇත. එහිදි අධ්‍යක්ෂකවරයා ධීවරයින්ට පවසා ඇත්තේ රටේ විවිධ ප්‍රෙද්ශ වලට මාදැල් රස්සාව කිරීමට බලපත්‍ර ලබාදී ඇත්තේ අදාළ පාරසරික තත්ත්වයක්ට අනුකූළව බවත් එලෙස ලබාදී ඇති බලපත්‍රයක් ඉරණවිල මාදැල් ඇදීම සිදුකරන පුද්ගලයන්ට හිමීවී ඇතිදැයි සොයාබැලිය යුතු බවයි. එමෙන්ම ට්‍රැක්ටර් ආධාරයෙන් මාදැල් ඇදීම සිදුකිරීම සම්පූර්ණයෙන් තහනම් බවද ට්‍රැක්ටරයකට වෙරලේ ගමන් කිරීමද තහනම් බවට අධ්‍යක්ෂකවරයා පිළිගෙන තිබේ.
මෙම ගැටළුව සමබන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් ධීවර නියෝජිතයින් විසින් සිදුකර ඇති අතර අවසානයේ අධ්‍යක්ෂකවරයා පොරොන්දුවී ඇත්තේ මෙම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක් සදහා පැමිණෙන බවයි.
ශාන්ත පේදුරු ධිවර සමිතියේ සමාජිකයින් පවසන්නේ මාදැල් රස්සාව සිදුකරන්නේ මාස 06 කට සැරයක් නිසා ඒම කාලය තුළ මෙම ක්‍රියාවලිය නැවැත්වීමට කිසිදු බලධාරියෙකු ක්‍රියා නොකරන අතර බලධාරීන් ඒම මාස 06 පුරාවටම මාදල් අදින්නන් මුලු වෙරළ පරිසරයම විනාශ කර මූදේ සිටින කුඩා මත්සයින්ද කොටුකරගනිමින් මහා විනාශයක් සිදුකරන බවයි.
මාදැල් රස්සාවට නුසුදුසු දැල් භාවිතා කරමින් සාම්ප්‍රදායික ධීවරයින් කිසිදිනක අල්ලා නොගන්නා මත්ස්‍ය වර්ග වන තෝරා අංජිලවා කු්බලාවෝ -පන්නාවෝ වැනි මාලුන්ගේ පැටව්ද අල්ලා ගන්නා බවයි. පසුව ඒම මාලු නැවත මූදට හො ඒලියට විසීකරන අතර බෝවෙමින් විශාල වන මත්ස්‍ය වර්ග ඒලෙස අල්ලා විනාශ කිරීම අපරාධයක් බවයි.
ට්‍රැක්ටර් යොදාගෙන මාදැල් ඇදීම සිදුකිරීම නවත්වන ලෙස පසුගියදා පැවැත්වුණ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී ද දැනුම් දී ඇති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමන්ට දැනගන්නට ලැබුණ බව ද ඉරණවිල ධීවර ක්‍රියාකාරිකෙයෙක් පැවසූ අතර නමුත් මේ වනතෙක් ඒම ක්‍රියාව නවත්වා නොමැති බව ඔහු පවසයි.

සබදී පුවත්

වෙරළ පරිසරය විනාශ කරන මාදැල් ඇදිල්ල

ඉරණවිල වැල්ලේ ට්‍රැක්ටර් ආධාරයෙන් මාදැල් ඇදිමට ධිවරයන්ගේ විරෝධය !

වෙරළ පරිසරය විනාශ කරන මාදැල් ඇදිල්ල

නීති විරෝධී මාදැල් රස්සාවට උල්පන්දම් දෙන ධීවර අධ්‍යක්ෂලා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article