spot_img
spot_img
Tuesday, July 21, 2026
spot_img
spot_img

ඊයේ මැයි දිනය සැමැරුවේ එහි සැබෑ හිමිකරුවන්මද ?

Must read

maydayලෝක කම්කරු දිනය යෙදී තිබුණු ඊයේ (01 දා) දිනයේදී විවිධ දේශපාලන පක්ෂවල මෙහෙයවීමෙන් මැයි රැළි සහ පෙළපාලි ගණනාවක් රට පුරා සංවිධානය වී තිබිණි. දිවයිනේ නන්දෙසින් පැමිණි ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාවක් එම පෙළපාලි සහ මැයි රැළිවලට සහභාගි වූ බවද කියැවිණි.

නමුත් ඊයේ දිනයට යෙදුණු ලෝක කම්කරු දිනයේදීත් මෙරට වැඩකරන ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් ඔවුන්ගේ වැඩබිම්වලට වී දහදිය හෙලමින් සුපුරුදු රාජකාරිවල යෙදුණු බව නොරහසකි. සිය අඹු දරුවන්ගේ කුසගිනි නිවීම පිණිස කම්කරු දිනය පවා නොසලකා හරිමින් සුපුරුදු පරිදිම සිය ජීවිකාවන්හි යෙදීමට ඔවුන්ට සිදු වී තිබිණි. ලෝක කම්කරු දිනය යෙදුණු ඊයේ දිනයේදී මාතලේ, යටවත්ත ප‍්‍රදේශයේ පිහිටි අඵ හුණු පෝරණුවක දහදිය මුගුරු හෙලමින් සිය සුපුරුදු රාජකාරියේ යෙදී සිටියදී වයඹ ටුඩේ කැමරා ඇසට හසුකරගත් මේ කම්කරුවන් පිරිස සමාජයෙන් නිහඩව ප‍්‍රශ්න කරන්නේ මැයි දිනය සැමරුවේ එහි සැබෑ හිමිකරුවන්ද යන පැනය විය නොහැකිද ?mayday_1 mayday_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article