Sunday, May 19, 2024

උළුමෝල් වලට දැව සැපයීමේ මුවාවෙන් වටිනා දැව තොගයක් ප්‍රවාහනය කළ ලොරි 3ක් අත්අඩංගුවට

Must read

 

03 (2)
(11.07am) පුත්තලම කදවුරේ විශේෂ කාර්ය බලකායේ  නිලධාරීන් විසින්   කජු සහ අඹ දර ප්‍රවාහනය කරන මුවාවෙන් කොහොඹ ඇතුළු වටිනා දැව වර්ග බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ 03ක් සැකකරුවන් 06 දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.  මෙම වැටලීම ඊයේ (07) වනදා සිදුකර තිබේ. එම ලොරි රථ වල අඹ සහ කළු දර පටවා ඇති බව පිටතින් දක්නට ලැබී ඇති නමුත්  ලොරි රථ වල ඇතුළත පළු,කොහොඹ සහ අහු වැටි දැව වර්ග අසුරා තිබී ඇත.එම දැව ප්‍රවාහනය කිරීම සදහා ලොරි රථ වලට බලපත්‍ර තිබී නැත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පුත්තලම – වනාතවිල්ලුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇත.
වෙන්නප්පුව ප්‍රෙද්ශයේ පවත්වාගෙන යන  උළු කර්මාන්ත වලට අවශ්‍ය දැව සපයන මුවාවෙන් මෙම වටිනා  දැව වර්ග ප්‍රවාහනය කරන බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබි ඇත.  සැකකරුවන්ද,තම බාරයට ගත් දැව සහ ලොරි රථ වැඩිදුර පරීක්ෂණ කටයුතු සහ අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුත්තලම අඩවි වන කාර්යාලයට බාර දීමට වැටලීම කළ නිලධාරීන් කටයුතු කරන ලදි.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article