Sunday, May 19, 2024

කටාර් සිට පැමිණි  පුත්තලමේ පුද්ගලයෙකුට කොරෝනා ආසාධිත වෙයි

Must read

CORONA2NEW කටාර් රාජ්‍යයේ රැකියාවකට යාම සදහා සුදානම්ව කොරෝනා වයිරසය වෙනුවෙන් පි.සි.ආර්.පරික්ෂණයකට මුහුණ දුන් පුද්ගලයෙකුගේ වාර්තාව අනුව ඔහුගේ තත්ත්වය පොසිටිව් විම නිසා එම පුද්ගලයාව දන්කොටුව දිසා රෝහලේ කොරෝනා ඒකකයට ඊයේ  (4දා ) ඇතුළු කළ බව රෝහල් පුවත් වාර්තා කරයි.   පුත්තලම වෙට්ටුකුලම ප්‍රෙද්ශයේ පදිංචි මෙම පුද්ගලයා 40 වන වියේ පසුවේ. ඔහු මෙයට කලින් කටාර් රාජ්‍යයෙහි සේවයෙහි නිරතව පසුගිය පෙබරවාරි මස 27 වන දින මෙරටට පැමිණ ඇති බවත් ඔහු යළි මේ මස 5 වන දින ( හෙට) රැකියාව පිණිස කටාර් බලා යාමට නියමිතව සිටි බවත් කියයි. ඒ අනුව මෙ ගමන යාමට කලින් ඔහු මිගමුවේ පිහිටි පෞද්ගලික රෝහලක දි පසුගිය 2දා පී.සී.ආර්. පරික්ෂණයකටය යොමු කර ඇත. එම වාර්තාව අනුව ඔහු ගේ තත්ත්වය ධනාත්මක වි ඇති නිසා මේ වන විට ප්‍රතිකාර සදහා ඔහු රෝහල් ගත කර ඇත.


හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article