Friday, May 17, 2024

නීතිවිරෝධී හරක් ඡාවාරමක් වැටලීමට ගිය රථවාහන ස්ථානාධිපතිවරයාට දිවි අහිමිවෙයි

Must read

PSX_20201105_104953 (1)
ඡායාරූපය උපුටා ගැනීම – www.newswire.lk

(12.26pm)  නොවැම්බර් 04 වනදා රාත්‍රියේ දී   කොට්ටුකච්චිය ප්‍රදේශයේ සිදුවෙමින් තිබූ නීති විරෝධී ගවයින් ඡාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව එම ස්ථානය වෙත සිය පුද්ගලික රථයෙන් ගමන්කරමින්  සිට  ඇති  අනතුරකින් ආණමඩුව
පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිතිවරයා  හදිසි අනතුරකින්  මියගොස් තිබේ. එම අවස්ථාවේදී ,දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයාද ඔහු සමග ගමන් කර ඇති අතර ඔහුද අනතුරින් තුවාල ලබා තිබේ. සිය පුද්ගලික මෝටර් රථයෙන් මෙම වැටලීම සදහා ගොස් ඇති ආණමඩුව පොලීසියේ රථවාහන අංශයේ  ස්ථානාධිපතිවරයා අනතුරට ලක්ව ඇත්තේ ආණමඩුව නගර මධ්‍ය යේදී බව වාර්තා වේ. ගවයින් පටවාගත් සැකකාර ලොරි රථය පසුපස හඹායමින් තිබියදී වේගයෙන් ගමන් කර ඇති මෝටර් රථය
ලිස්සා ගොස් ආණමඩුව නගරය තුළ ඇති ඔරලෝසු කණුවේ ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇත. අනතුර සිදුව ඇත්තේ 04 වනදා රාත්‍රී 11.45ට පමණය. අනතුරින් මියගිය උප පොලිස් පරීක්ෂක රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත රත්නායක වයස අවුරුදු 38ක එක් දරු පියෙකු වන අතර  ඔහු නිකවැරටිය
ඉහළගම පදිංචිකරුවෙකි. අනතුරින් තුවාල ලබා ඇති පොලිස් පරීක්ෂක මධුරංග යන
අය ප්‍රතිකාර සදහා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article