Thursday, May 2, 2024

කොවිඩ් 19 නිසා අමාරුවේ වැටුන සායන රෝගීන්ට යළිත් තැපෑලෙන් බෙහෙත්

Must read

රෝගීන් 12020 වර්ෂයේ මාර්තු මාසයෙන් පසු නැවතත්  කොවිඩ් වසංගතය නිසා දීර්ඝ කාලයක් සාමාන්‍ය ජීවිත අඩාලකරමින් සිටින කාලවකවානුවකට අප මුහුණදෙමින් සිටියි.  මෙම වසරේ මුල් කාර්තුවේදී ගෝලීය මට්ටමින් පැතිර ගිය කොවිඩ් 19 රෝග වසංගතය නිසා මාර්තු සිට අප්‍රේල්  මාසය පුරා ලංකාව අගුළු දැමූ අවස්ථාවේදී මුහුණදුන් ආකාරයට ජනතාවගේ මූලික අවශ්‍යතා බෙහෙත් , ආහාර සපයාගත් සාමාන්‍ය ජීවන රටාවෙන් බැහැරවීමට සිදුවෙමින් තිබේ. මෙහිදී ආහාර සහ බෙහෙත් ප්‍රධාන අත්‍යඅවශ්‍ය අංගයකි. ලංකාවේ  ප්‍රධාන රෝහල් කොවිඩ් වසංගතය හේතුවෙන් කාර්යබහුලවී ඇති අතර එවායින් සමහර රෝහල් කොවිඩ් 19 වසංගතයට පමණක් ප්‍රතිකාර කරන රෝහල් බවට පරිවර්තනය කර ඇත. රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්නා සාමාන්‍ය ජනතාව මේ හේතුවෙන් බොහෝ දුෂ්කර තත්ත්වයකට ඇදවැටෙනු නොඅනුමානය. රජය නැවතත් රජයේ රෝහල් වලින් මසකට වරක් බෙහෙත් ගැනීම සදහා පැමිණෙන රෝගීන්ට තැපෑලෙන් බෙහෙත් ලබාදීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

COVID-19 රෝග ව්‍යාප්තිය පවතින කාලය තුළ රජයේ රෝහල් වලින් සායනික රෝගීන් සඳහා ඖෂධ අද සිට

COVID-19 රෝග ව්‍යාප්තිය පවතින කාලය තුළ රජයේ රෝහල් වලින් සායනික රෝගීන් සඳහා ඖෂධ 05 වන දා (අද) සිට

රජයේ රෝහල් සායන වලින් ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබා දීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමඟ ඒකාබද්ධව වැඩසටහනක් සකස් කර ඇත. ඒ අනුව නැවතත් අද සිට ( 05) දිවයින පුරා ඇති රෝහල් වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබා දීම ආරම්භ කෙරේ. මෙම ඖෂධ රෝගියා වෙත ගෙනැවිත් ලබා දීමට නම් රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය හා දුරකතන අංකය ලබාදීම අවශ්‍ය වේ. තමන්ගේ සායනික පොත සමඟ නිවැරදි ලිපිනය ලබාදී නොමැති නම්, දුරකතනය මගින් ඔබ බෙහෙත් ගන්නා රෝහලට ඇමතුමක් ලබා දී තොරතුරු යාවත්කාලීන කරන්න. එවිට ඔබේ රෝහලේ කාර්යය මණ්ඩලය ඔබේ බෙහෙත් පැකට්ටුව සකස් කර ලිපිනය, දුරකථන අංකය සඳහන් කර,තැපැල් කාර්යාලයට බාරදෙන අතර ලියුම් බෙදන නිළධාරියා මගින් ඔබගේ නිවසට ගෙනැවිත් බාරදෙනු ඇත. රෝහල වෙත තොරතුරු සැපයීමේදී ඔබ ප්‍රදේශයේ සිටින පවුල් සෞඛ්‍ය සේවා නිළධාරී, ග්‍රාම නිළධාරීගේද සහය ලබා ගැනීම සුදුසු වේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article