Friday, May 17, 2024

හලාවත තරුණයෙකු සිර මැදිරියක් තුළ ගෙල වැළලාගනියි

Must read

(4.32PM) අධිකරණය විසින් සිර දඩුවම් නියම කර තිබුණු හලාවත – වට්ටක්කල්ලිය පදිංචිව සිටි ජේසුදාසන් සුගන්ධන් ජයසංඛ නම්  තරුණයෙකු ඊයේ (04) සවස හලාවත රිමාන්ඩ් සිර මැදිරියකදී ගෙල වැළලාගෙන මියගොස් ඇති බව වාර්තා වේ. මෙම සැකකරු මත්ද්‍රව්‍ය ලග තබාගැනීමේ වරදට සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන හලාවත මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත්කිරීමෙන් පසුව රු 10000 ක දඩයක් නියම වී සිට ඇති පුද්ගලයෙකි. එම දඩය ගෙවාගත නොහැකි නිසා මාසයක පමණ සියරදඩුවම් හිමිවී ඇති මොහු   මීගමුව බන්ධනාගාරය වෙත රැගෙන යන තුරු හලාවත රිමාන්ඩ් සිර මැදිරියේ රදවා තිබී ඇත.වයස අවුරුදු 28ක පමණ තරුණයෙකු වන මෙම පුද්ගලයා සියදිවි හානිකරගෙන ඇත්තේ සිරකරු ගෙළ වැළලා ගැනීම සදහා තමන් ඇද සිටි කමිසය පාවිච්චි කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. ඊයේ (04) සවස සිදුවී ඇති මෙම මරණය සැකකටයුතු බවද ඔහුගේ මව සදහන් කර ඇති බවත් මාධ්‍ය පළකර තිබේ.prison-silhouette


තොරතුරු – ජූඩ් සමන්ත

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article