Wednesday, May 1, 2024

කරන්නාගොඩ අත්අඩංගුවට?

Must read

index

කොළඹදී තරුණයන් 11දෙනෙකු පැහැර ගැනීමේ සිදුවීම සම්බන්දයෙන් කරුණු වසන් කල බවට හිටපු නාවික නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට චෝදනා එල්ලවී ඇති බැවින් ඔහු සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මාර්තු 01 කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී ඇත.

වසන්ත කරන්නාගොඩ හා මේ වන විට සැකකරුවන් ලෙස නම් කර ඇති 15 දෙනාත් සිදුවීමෙන් කප්පම් ලබාගැනීමට සම්බන්ද තවත් තිදෙනෙකුත් පිළිබදව මේ වන විට තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් හැකි ඉක්මනින් අධිකරණටඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා වැඩිදුරටත් අධිකරණයට දන්වා ඇති බවද වාර්තා වෙයි.

මේ වන විට වසන්ත කරන්නාගොඩ පදිංචි ස්ථාන වලින් පලා යමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගහැර සිටින බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article