Sunday, May 19, 2024

කල්පිටියෙන් මාලු ප්‍රවාහනය තහනම්

Must read

image_654ae07492කල්පිටිය අර්ධදීපයේ සාගරය හා කළපු ආශ්‍රිතව නෙලා ගන්නා මාලු ,මිළදී ගැනීම , පිට පළාත් වලට ප්‍රවාහනය කිරීම කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකය්න්ට පමණක් සීමා කර ඇති බව පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු,දිවයිනේ වෙනත් ප්‍රදේශවල වෙළදුන්ට මසුන් මිළට ගැනීමට කල්පිටියට පැමිනීම තහනම් කර ඇත.
කල්පිටියේ ව්‍යාපාරිකයින් ද,තම රථයේ රියදුරු සහ සහායකයාගේ පදිංචිය සහ අනන්‍යතාව පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී හරහා තහවුරු කර ගත යුතුය. එම ග්‍රාම නිළධාරි නිර්දේශය මත ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවෙන් අවසර පතක් නිකුත් කෙරේ.

එම අවසරපත නොමැති අයවලුන්ට,තම රථ මගින් මසුන් ප්‍රවාහනය කළ නොහැක.


උපුටා ගැනීම – ලංකාදීප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article