Friday, May 17, 2024

කල්පිටිය මුහුදේදී ඉන්දීය ධීවරයින් සහ යාත්‍රාවක් අත්අඩංගුවට

Must read

mullaitivu_sea_indian_dolar (1)
උතුරු මුහුදේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතු වල යෙදී සිටින ධීවර යාත්‍රාවක් – ඡායාරූපය – ෂන්මුගම් තවසීලන්

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ  ඉන්දීය ජාතිකයින් 07 දෙනෙකුව නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 15 වැනිදා රාත්‍රීයේ කල්පිටිය මුහුදු සීමාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. අත්අඩංගුව ගෙන ඇති ඉන්දීය ජාතික ධීවරයින් මසුන් මැරීම සදහා යොදා ගත් ධීවර යාත්‍රාවක්ද නාවුක හමුදා බාරයට ගෙන ඇත.

ඉන්දීය ජාතික ධීවරයින් මෙරට මුහුදු සීමාවට පැමිණ මසුන් මරණ බවට පසුගිය දින වල චෝදනා එල්ලවී තිබුණි.

අත්අඩංගුවට ගෙන ඇති ධීවරයින් සහ ධීවර යාත්‍රාව පුත්තලම දිස්ත්‍රික් ධීවර අධ්‍යක්ෂක කාර්යාලයට බාර දීමට නියමිතව ඇත.


ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article