Sunday, May 19, 2024

කාක්කපල්ලිය ප්‍රදේශයේ බස් රථ දෙකක් ගැටී , එක් අයෙකුට බරපතලයි

Must read

03(9)

(9.31pm) හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ කාක්කපල්ලිය ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. 10 වැනිදා සවස 4.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

වව්නියාවේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ අර්ධ සුඛෝපභෝගී බස් රථයක් සහ කොළඹ සිට හලාවත දක්වා ගමන් කරමින් තිබූ කාර්යාල මගීන් ප්‍රවාහනය කරන සුඛෝපභෝගී බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.තුවාල ලබා ඇත්තේ සුඛෝපභෝගී බස් රථයේ රියදුරු බව පොලීසිය කියයි.

සුඛෝපභෝගී බස් රථයේ රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදු වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

හලාවත පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.02(16)


ජූඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article