Wednesday, May 1, 2024

කුරුණෑගලට වින කැටූ මහ කුඩ්ඩෙක් කොටු වෙයි.

Must read

වසර ගණනාවක් සිට කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශවලට හෙරොයින් බෙදාහැරීමේ යෙදී සිටි බව කියන ප‍්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු කුරුණෑගල කොට්ඨාශ විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීහු විසින් ගැට්ටුවාන , කොටකන්ද     ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබූහ.

අනුරාධපුරයේ පදිංචිකරුවකු බව කියන 50 හැවිරිදි මෙම පුද්ගලයා, ගැට්ටුවාන කොටකන්ද ප‍්‍රදේශයේ පිහිටි අනියම් බිරිඳකගේ නිවසක වාසය කරමින් කුරුණෑගල , ගැට්ටුවාන , වැහැර , මල්කඩුවාව සහ විල්ගොඩ ඇතුඵ ප‍්‍රදේශවලට මත්කුඩු බෙදා හැර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් මොහු සන්තකයේ තිබූ හෙරොයින් මිලිග‍්‍රෑම් 220 ක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ. නීතියේ රැහැනට නොවන ආකාරයෙන් ඉතා සූක්ෂ්ම ලෙස මත්කුඩු ජාවාරම පවත්වාගෙන ගොස් ඇති මෙම සැකකරු පොලිස් උපාය දූතයෙකු යොදවා කළ හදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.

කුරුණෑගල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න හා සහකාර පොලිස් අධිකාරී ඕ. ඩබ්ලිව්. සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත කුරුණෑගල කොට්ඨාශ විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක අජිත් ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් බණ්ඩාර (58677) , පොලිස් කොස්තාපල් ජයතිලක (32132) , රත්නායක (42437) , ජයපද්ම (69385) , රාජකරුණා (79575) , ප‍්‍රධානගේ (84554) , පොලිස් සැරයන් රියදුරු සේනාධීර (49248) යන නිලධාරීහු වැටලීම සිදු කලහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article