Friday, May 3, 2024

කුරුණෑගල පොට්ටු මැරයෝ තවමත් නිදැල්ලේ ?

Must read

 Thugs
(2.30 pm ) කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මංත්‍රී හිටපු නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතාගේ නිවසට පසුගිය 04 වන දා රාත්‍රි 11 ට පමණ වාහන දෙකකින් පැමිණි මැර පිරිසක් එම නිවස ඉදිරිපිට තබා තිබූ මල් පෝච්චි රැසක් කඩා බිඳ දමා නිවැසියන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී තිබේ.
මෙම සිද්ධියට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු නගරසභා මංත්‍රීවරුන් කීප දෙනෙකු සහ තවත් මැරයන් පිරිසක් සහභාගීව ඇති අතර ඒ පිළිබඳව මංත්‍රීවරයාගේ බිරිඳ විශාඛා අබේසිංහ මහත්මිය  විසින් එදින රාත්‍රියේදීම කුරුණෑගල පොලිසිය වෙත පැමිණිලි කොට ඇත.
අබේසිංහ මහත්මිය වයඹ ටුඩේ වෙත සිද්ධිය පැහැදිලි කරමින්  මෙම පිරිස අධික ලෙස බීමත්ව සිටි බවත්   ඔවුන් පාවිච්චි කල අසභ්‍ය වචන අසා සිටීමට නොහැකි ඒවාවූ බවත් මේ ආරම්භය බවට ඔවුන් තර්ජනය  කල බවත් කියා සිටියාය.
මෙම සිදුවීම වනවිට මංත්‍රීවරයා නිවසේ නොසිට ඇති අතර ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරියා මැර පිරිසට නිවස තුලට පැමිණීමට නොහැකි වනසේ රැකවරණය සලසා තිබේ.
මෙම මැර පිරිසේ කිසිවකු මේවනතුරුත් අත් අඩංගුවට ගැනීමක් සිදුවී නොමැත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article