Sunday, May 5, 2024

කුරුණෑගල මත්ද්‍රව්‍ය විශෝධන නිලධාරිනියක් හෙරොයින් සමග අත්අඩංගුවට

Must read

arest

කුරුණෑගල ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ ප්‍රජා මත්ද්‍රව්‍ය විශෝධන නිලධාරිනියක් හෙරොයින් මිලිග්‍රෑම් 2840ක් සමග පසුගියදා අත්අඩංගුවට ගැණිනි. මැය පසුගියදා අත්අඩංගුවට ගැනුනේ කුරුණෑගල වැවරවුමේ පිහිටි ලැගුම්හලකදී වන අතර ඇය මෙම මත්ද්‍රව්‍ය සගවාගෙන සිට ඇත්තේ ඇයගේ තිසර පටය තුල බවයි පොලිස් වාර්ථා සදහන් කරන්නේ.  අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඇය සමග සිටි ඇයගේ අනියම් සැමියා යැයි සැලකෙන පුද්ගලයා සතුවද හෙරොයින් මිලිග්‍රෑම් 3200ක් තිබී ඇත.

මොවුන් දෙදෙනා ප්‍රදේශයේ හොටල් වල කාමර කුලියට ගනිමින් ඒ හරහා මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇත. මොවුන් හෙරොයින් පැකට් කිරීමේදි ගල් කැටයක් යොදාගන්නා බවත් මත්ද්‍රව්‍ය අවශ්‍ය අයට මෙම ගල් කැටය විසිකර සූක්ෂමව මුදල් ලබාගැනීමේ ක්‍රියාවලියක් මෙම දෙපල විසින් අනුගමනය කර ඇති බවද පොලිස් පරීක්ෂණ වලින් හෙලිවී ඇත.

මොවුන් දෙදෙනාද මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් බව ඔවුගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමේදී හෙලිවී ඇති අතර ඔවුන් ලබන දෙසැම්බර් 7වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගතකරන ලෙස කුරුණූගල මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article