Monday, May 6, 2024

කුරුණෑගල රෝහල් ආපන ශාලාවෙන් ගත් ප‍්‍රයිඩ් රයිස් පාර්සලයක බීඩි කොටයක්.

Must read

beedi_in_rice

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන දරුවෙකුට ලබාදීම සදහා රෝහල් ආපන ශාලාවෙන් මිලදීගත් ප‍්‍රයිඞ් රයිස් පාර්සලයකින් බීඩි කොටයක් හමු වූ බවට එම දරුවාගේ මව්පියන් විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත පැමිණිලි කර තිබේ.

සෙම රෝගය හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන 11 හැවිරිදි දරුවකුගේ රාත‍්‍රි ආහාරය ලෙස ලබාදීම සදහා ඊයේ  (25 දා) රාත‍්‍රියේ රෝහල් ආපන ශාලාවෙන් මෙම ප‍්‍රයිඞ් රයිස් පාර්සලය මිලදීගෙන තිබේ. දරුවා එම බත් පාර්සලය ආහාරයට ගනිමින් සිටියදී එතුළ තිබූ බීඩි කොටයක් මතු වී ඇති අතර පසුව දරුවාගේ පියා විසින් එම බීඩි කොටය සහිත බත් පාර්සලය රෝහල් ආපන ශාලාවට රැගෙන ගොස් පෙන්වා තිබේ. නමුත් ආපන ශාලා හිමිකරු විසින් චෝදනාව පිළිගැනීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දරුවාගේ මව්පියන් විසින් ඒ පිළිබදව රෝහල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත පැමිණිලි කර තිබේ. අදාල බීඩි කොටය හමුවීමෙන් පසුව ඇති වූ අපුල බව හේතුවෙන් එය ආහාරයට ගත් රෝගී දරුවා වමනය දමා අසාධ්‍ය තත්වයට පත් වූ බව ඔහුගේ මව වන දිස්නා ජයවර්ධන මහත්මිය දිනමිණට කීවාය.

මේ පිළිබදව කුරුණෑගල ශික්ෂණ රෝහලේ මහජන සෞඛ්‍ය පරික්ෂක එල්. ඩී. එච්. පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම ප‍්‍රකාශ කළේ අදාල සිදුවීම සම්බන්ධයෙන් තමන් වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවය. ඒ පිළිබද වැඩිදුර විමර්ශණ සිදුකිරීමෙන් අනතුරුව රෝහල් ආපන ශාලාවේ හිමිකරු ලබන සතියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

අනාවරණය – මාධ්‍යවේදිනි පුෂ්පා වීරසේකර

ප‍්‍රයිඩ් රයිස් පාර්සලය තුළ තිබූ බීඩි කොටය

beedi_in_rice_1

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article