spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

කුලියාපිටියේ නිවසක, කසිප්පු ගංජා තොග විකිණෙති සරුවට !

Must read

කුලියාපිටිය, රත්මලේවත්තේ නිවසක් තුළ පවත්වාගෙන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොග වශයෙන් බෙදාහැරිමේ මධ්‍යස්ථානයක් වැටලූ කුලියාපිටිය කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීහු විසින් එහිදී බෙදාහැරීමට සූදානම් කර තිබූ කසිප්පු සහ ගංජා තොගයක් සමග එක් සැකකරුවෙකු ඊයේ (11 දා ) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම ස්ථානය පිළිබදව කුලියාපිටිය කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය වෙත ලැබී තිබූ තොරතුරකට අනුව දින කිහිපයක් තිස්සේ එහි රැකවල්ලාගෙන සිටි පොලිස් නිලධාරීහු විසින් ඊයේ පස්වරුවේ කළ ක්ෂණික වැටලීමකදී මෙම කසිප්පු සහ ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට සමත්වූහ.

මෙම නිවස තුළ තිබූ කසිප්පු බෝතල් හැටක් , මිලි ලීටර් 175 ක බැගින් වන සේ කුඩා ග්‍රොසරි බෑග් වලට ඇසුරුම් කර තිබූ තවත් කසිප්පු තොගයක්, පොලිතින් උරවලට අසුරා තිබූ සහ ඇසුරුම් නොකළ ගංජා තොගයක් සහ කසිප්පු සහ ගංජා ඇසුරුම් කිරීමට යොදාගත් බව කියන ග්‍රොසරි බෑග් සහ පොලිතින් තොගයක්ද පොලිසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු, ගංජා සහ කසිප්පු තොගයද සමග අද කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම නියමිතය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

බෙදාහැරීමට සූදානම් කර තිබියදී  අත්අඩංගුවට ගත් කසිප්පු සහ ගංජා තොගය

SAMSUNG CAMERA PICTURES

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article