Saturday, May 18, 2024

කේක් කැපූ නගරාධිපතිට නීතිය නැමෙයි වාර්තා කළ මාධ්‍යවේදීන් පොලීසියට

Must read

kurujor1

පසුගියදා කුරුණෑගල පොලීසියේ  පැවති පිංකමක් අවස්ථා කොටගෙන කුරුනෑගල නගරාධිපතිවරයාගේ උපන්දිනයට කේක් කැපීම සිදුකර තිබිම රටතුල මහත් ආන්දෝලනයක් ඇතිකරන්නට තුඩු දුන් සිදුවිමක් බවට පත්ව තිබුණි.
සම්බන්ධයෙන් කුරුනෑගල උසස් පොලිස් නිලධාරිවරයෙකු මාරුකර යැවූනද   කොවිඩ් නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කුරුනෑගල නගරාධිපතිවරයාට එරෙහිව නීතිය තවමත් නිහඬය.
තතු එසේ තිබියදී එම වීඩි⁣යෝ පටය නිකුත්  මාධ්‍යට මුදා හැරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කුරුණෑගල මාධ්‍යවේදී නිරෝෂන් ජයතිස්ස මහතාව   (09)කුරුනෑගල ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත කැඳවා තිබුනි.
කුරුණෑගල නගරාධිපතිගේ මයිල් ගසකටවත් හානියක් සිදුවන්නට ඉඩ නොදෙන බව කුරුණෑගල දේශපාලන ලොක්කෙකු විසින් කරන්නට යෙදුන කුප්‍රකට කථා එසේ තිබියදි දැන් සැරසෙන්නේ මාධ්‍යවේදින් දඩයම කිරිමටදැයි මේ ගැන උනන්දුවෙන් පසුවන ප්‍රගතිශිලිහු ප්‍රශ්ණ කරති

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article