Sunday, May 19, 2024

කොරෝනා වසංගත තත්ත්වය නිසා කුරුණෑගල නීතිඥයන් අධිකරණ කටයුතුවලින් ඉවත්විමට තීන්දුවක් !

Must read

courtරට තුළ උද්ගතව පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කුරුණෑගල ක්‍රියාත්මක සියලු ම අධිකරණ සේවා කටයුතු වලින් අද  (28) දිනයේ සිට ලබන 01 දින දක්වා ඉවත් වීමට තීරණය කළ බව කුරුණෑගල නීතීඥ සංගමයේ ලේකම් පියුමාල් හේරත් මහතා ප්‍රකාශ කර ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය සඳහන් කර තිබේ

ඊයේ පස්වරුවේ රැස්වූ කුරුණෑගල නීතීඥ සංගමයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගත් බවද ඒ අනුව කුරුණෑගල මහාධිකරණය, කුරුණෑගල දිසා අධිකරණය, අතිරේක දිසා අධිකරණය, කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය සහ දිස්ත්‍රික් කම්කරු විනිශ්චය සභාව යන අධිකරණවල නීතීඥ කටයුතු වලින් නීතීඥවරුන් තාවකාලිකව ඉවත් වන බවද නීතීඥ පියුමාල් හේරත් මහතා ප්‍රකාශ කර තිබුණි.
මේ අනුව ලංකාවේ අධිකරණ කලාප කිපයකම අධිකරණය කටයුතු අත්හිටුවිමේ පසුබිමක් රටපුරා මේ වන විට වේගයෙන් පැතිර යමින් ඇති කොරෝනා වසංගත තත්වය විසින් නිර්මාණය කොට තිබේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article