Monday, May 6, 2024

විදේශ විණිමය රටට ගෙනෙන ඉස්සන් ව්‍යාපාරයටත් අවධානමක්?

Must read

22 (1)

සමාජය තුළ පැතිර යන කොරෝනා වසංගතය සහ තම ව්‍යාපාරයන් අතර පැතිර යන වෛරස් රෝගයක් හේතුවෙන් ඉස්සන් ව්‍යාපාරය කඩා වැටීමේ අවදානමක් ඇති බව එම ව්‍යාපාරිකයින් සදහන් කරයි.පුත්තලම දිස්ත්‍රික්කයේ කලපු තීරයේ බොහෝ ස්ථාන වල ඉස්සන් ව්‍යාපාර පවත්වා ගෙන යති.පොකුණු තුළ පවත්වා ගෙන යන මෙම ඉස්සන් කර්මාන්තය හේතුවෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක්ද වාර්ෂිකව අප රටට හිමිවේ. ඉස්සන් ව්‍යාපාරයේ මූලික ඉලක්කය විදේශ වෙළද පළ වීම ඊට හේතුව වී ඇත.

නමුත් මෙම ව්‍යාපාරය වලින් ලබා ගන්නා අස්වැන්නෙන් ඉතා සුළු ප්‍රමාණයක් දේශීය වෙළද පළටද එක් වෙති.ඒ විශේෂයෙන්ම සංචාරක හෝටල් සදහාය. නමුත් මේ දිනවල පවතින තත්ත්වය හේතුවෙන් ඉස්සන් සදහා පෙර තිබූ විදේශීය වෙළද පළ ඉල්ලුම අඩු වී ඇති බව ව්‍යාපාරිකයින් සදහන් කරයි.

විදේශ රටවල් වලින් ඉල්ලුම අඩු වූ විට අස්වැන්න දේශීය වෙළද පලට එක් කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.නමුත් මේ වන විට අප රට තුළ සංචාරක ව්‍යාපාරයද කඩා වැටීමකට ලක්වී තිබීම නිසා තමන් තවත් ගැටළුවක්ට මුහුණ දී ඇති බව ඉස්සන් ව්‍යාපාරිකයින් සදහන් කරයි.

එමෙන්ම මේ  දිනවල දේශීය මාළු අලවි කරන ස්ථානද බොහෝමයක් වසා දමා තිබීම තම ව්‍යාපාරයට මරු පහරක් වී ඇති බවත් ඉස්සන් ව්‍යාපාරිකයෝ සදහන් කරති.

ඉස්සන් ගොවිපලක් ආරම්භ කර පවත්වා ගෙන යාම සදහා විශාල පිරිවැයක් දැරිය යුතු බවත්,අවසානයේ අස්වැන්න නෙළන කාලයේදී ඇති වන මෙවැනි තත්ත්වයන් සමනය කර ගැනීම සදහා රජය මැදිහත් වී කටයුතු කළ බවද ඔවුන් පෙන්වා දෙයි.යම් ආකාරයකට වර්තමාන ඉස්සන් ව්‍යාපාරය කඩා වැටීමක් සිදු වුවහොත් එය නැවත ආරම්භ කිරීමේදී ගැටළුවක් වන බැවින් බොහෝ ව්‍යාපාරිකයින් සිදු කරන්නේ ව්‍යාපාරයෙන් ඉවත් වීම බවද ඔවුන් සදහන් කරයි.මෙම තත්ත්වයට පිළියමක් ලෙස රජය මැදිහත් වී අස්වැන්න නෙලා ගන්නා ඉස්සන් මිළදී ගැනීමෙන් වැඩ පිළිවෙලක් සකස් කළ යුතු බවත්,එසේ මිළදී ගන්නා ඉස්සන් ශීතාගාර වල ගබඩා කර තබා අලවි කළ හැකි බවද ව්‍යාපාරිකයෝ කියා සිටී.

එවැනි කිසියම් වැඩ පිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක නොකළහොත් අපේ රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබා දෙන ඉස්සන් ව්‍යාපාරය කඩා වැටීම වැළැක්විය නොහැකි බවද එම ව්‍යාපාරිකයින් පෙන්වා දෙයි


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article