Friday, May 17, 2024

‘කොවිඩ් වෛරසය ගැන සොයා බැලීමට එන නිලධාරීන් එනේ නිල ඇදුම් ඇදගෙනයි ‘

Must read

03(11)

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිනෙන කිසිදු සෞඛ්‍ය නිලධාරියෙකු ඖෂධ වර්ග නිකුත් කිරීමක් සිදු නොකරන බැවින් එසේ පැමිනෙන අයවළුන්ගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීමට මහජනතාවට පූර්ණ අයිතියක් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. පසුගියදා මහව – කැත්තපහුව ගම්මානයේ නිවසකට ගොස් ඇති කිසියම් පිරිසක් තමන් සෞඛ්‍ය නිලධාරීන් බව හගවා සිදු කර ඇති කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා එසේ පැවසීය.

උපුල් රෝහන - සභාපති ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය. සභාපති ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය.
උපුල් රෝහන -සභාපති
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය.

එසේ පැමිණි පිරිස නිවැසියන්ට කිසියම් ඖෂධ වර්ගයක් පානය කිරීමට දී කොල්ලය සිදු කර ඇති බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.තව දුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේද පැවසීය.

කිසියම් රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය නිලධාරීන් මහජනතාව හමුවට යන්නේ නිල ඇදුමෙන් සැරසී.කිසියම් හේතුවක් මත එසේ පැමිනෙන නිලධාරියෙකු නිල ඇදුමෙන් සැරසී නොසිටින්නේ නම් ඔවුන්ගේ අනන්‍යතාවය විමසා සිටීමට මහජනතාවට පූර්ණ අයිතියක් තිබෙනවා.

එමෙන්ම පී.සී.ආර්.පරීක්ෂණයන් සදහා යන කිසිදු සෞඛ්‍ය නිලධාරියෙකු ඖෂධ වර්ග නිකුත් කිරීමක් සිදු කරන්නේත් නෑ.මෙම නිසා තමන් හමුවට යම් අයෙකු පැමිණ උපදෙස් හෝ ඖෂධ ලබා දීමට උත්සාහ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන්ද අවධානයෙන් පසුවිය යුතු වෙනවා.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article