Thursday, May 2, 2024

උසස් පෙළ රාජකාරියේ යෙදෙන නිලධාරින්ව රජයේ වියදමින් PCR පරීක්ෂණ කරවිය යුතුයි

Must read

PCR TESTමේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග රාජකාරි වල නිරතව සිටින විභාග ශාලාධිපතිවරුන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් රජයේ වියදමින් පි.සී.ආර්. පරික්ෂණ සදහා යොමු කරවන ලෙස විභාග කොමසාරිස් ජනරාල් වරයාගෙන් ඉල්ලා ඇති බව ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පවසයි. මෙවර උසස් පෙළ විභාගය පැවැත්විමේ දි එම රාජකාරි කළ විදුහල්පතිවරුන් මෙන්ම සෙසු කාර්ය මන්ඩලය ද විවිධ ප්‍රශ්ණ වලට මුහුණ දුන් අතර කොරෝනා වසංගත තත්ත්වය තුළ දරුවන් වෙනුවෙන් එවන් රාජකාරියක් සිදු කළ විදුහල්පතිවරුන් හා සෙසු ගරු කාර්ය මණ්ඩලයේ කටයුතු අගැයිමකට ලක් කළ යුතු බවත් යළිත් ඔවුන් ඉදිරියේ දි සිය පාසල් වල ඉගැන්වීමේ කටයුතුවල නිරත විය යුතුව ඇති අතර ඔවුන් එලෙස යලි සිය සේවා කටයුතු සදහා යෙදවිමට  කලින්  ඔවුන් නිරෝගි බවට සහතිකයක් ලබා දිය යුතු වන අතර ඒ සදහා රජයේ අවධානය යොමු විය යුතු බවත් පියසිරි ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි. මේ අනුව ගම්පහ මිගමුව මිනුවන්ගොඩ කුලියාපිටිය හා හලාවත ප්‍රදේශයන්හි උසස් පෙළ විභාග රාජකාරි කළ විභාග ශාලාධිපතිවරුන් හා සෙසු කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් රජයේ වියදමින් මෙම පි.සී.ආර්.පරික්ෂණයන් වෙත යොමු කළ යුතුව වන බවත් දැනුම් දී ඇත.Piyasiri Fernando


ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article