Friday, May 17, 2024

මාරවිලදී සුනඛයෙකුට වස දී මරා දමයි

Must read

marawilla-dog

අද   උදෑසන මාරවිල,ලංසිගම මොරටුවත්ත ප්‍රදේශයේදී නිවසක ඇතිකරන සුනඛ සුරතලයෙකුට (කොටා )   කිසියම් පුද්ගලයෙකු විසින්  වස දී ඇති බව Save a paw සංවිධානය පවසයි. අදාළ සුනඛයා ඇතිකරන නිවසේ හිමිකාරියක් විසින් මේ සම්බන්ධයෙන් සත්වයින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින සංවිධානයක් වන
Save a paw සංවිධානය වෙත දැනුම් දී ඇති අතර එම සංවිධානයේ කැදවුම්කාරිණය වන ශිවන්ති සන්සෝනි මහත්මිය විසින් අද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඇත.  වස දී ඇතිබවට  සැකකරන  පුද්ගලයාද  මේ වනවිට  සුනඛයාගේ හිමිකරුවන් විසින් හදුනාගෙන ඇති අතර  සුනඛයාගේ හිමිකරුවන් අද දවල් මේ සම්බන්ධයෙන් මාරවිල පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත. මෙම සිදුවීම සිදුවී ඇත්තේ  අද පාන්දර 6.45ට පමණ සුනඛයා එළියට ගිය අවස්ථාවේදීය. සුනඛයාගේ මරණ පරීක්ෂණය මේ වනවිට Save a paw  සංවිධානය විසින් සිදුකර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ  ද සුනඛයාට වස දී ඇති බව තහවුරුවී තිබේ.
මේ ආකාරයට එම ප්‍රදේශයේ සුනඛයින් 08 දෙනෙකුට පමණ පසුගිය කාලයේ වසදී ඇති බවට තොරතුරු  ඇති බව එම සංවිධානය පවසයි.
පසුගිය කාලයේ සුනඛයින් සිදුවූ අපරාධ සිදුවීම් කීපයකදීම Save a paw  සංවිධානය මැදිහත්වී ඒවාට එරෙහිව නීතිමය කටයුතු සිදුකරනු ලබයි.  කටාන ප්‍රදේශයේදී කොටුවක් තුළ සිටි සුනඛයෙකුට ගිණිතැබීමේ සිදුවීම සහ පරියමුල්ල ප්‍රදේශයේ දී මැක්ස් නම් සුනඛයාට වෙඩිතබා ඝාතනය කිරීම් යන අපරාධ වල නීතිමය මැදිහත්වීම් වෙනුවෙන් Save a paw  සංවිධානය පෙරමුණ ගෙන සිටියි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article