Thursday, May 2, 2024

ගැට්ටුවාන විදුහලේදී පුපුරාගිය ‘‘ හක්කපටස් බෝම්බයේ ’’ අමිහිරි කතාව ! (VEDIO)

Must read

gattuwana_blastකුරුණෑගල, ගැට්ටුවාන මහින්ද විද්‍යාලයේ ඊයේ (04 දා) දහවල් සිදු වූ පිපිරීමකින් තුවාල ලැබූ සිසුහු දෙදෙනෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළහ.

ඊයේ දහවල් 12.50 ට පමණ විද්‍යාලය භූමියේ පිහිටි එළිමහනක සිසුන් පිරිසක් ක‍්‍රීඩා කරමින් සිට ඇති අතර ඔවුන් අතරින් මෙම පිපිරීම සිදුවී ඇති බව වාර්තා වෙයි.මෙම පිපිරීමෙන් තුවාල ලබා රෝහල්ගත කෙරුණේ එම විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එස්. එම්. කවිදු දිල්ෂාන් සහ මාලක සංජීව නැමැති සිසුන් දෙදෙනෙකි. තුවාල ලැබූ සිසුන් කුරුණෑගල, කිරිවවුල සහ ඉබ්බාගමුව, බොලගම ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ටෙනිස් බෝලයකට සමාන යම් ද්‍රව්‍යක් පාසල් මිදුලේ වැටී තිබියදී සිසුන් කිහිපදෙනෙකු විසින් එය අහුලාගත් බවත්, ඔවුන් විසින් එය බිම ගැසූ නමුත් කිසිදු වෙනසක් සිදුනොවීම හේතුවෙන් තුවාල ලබා සිටින සිසුන් දෙදෙනා විසින් අසල තිබූ මල්පෝච්චියක එය ඇතිල්ලූ බවත් සිද්ධිය ඇසින් දුටු සිසුහු කිහිපදෙනෙකු වයඹ ටුඩේ වෙත පැවසූහ. එම පිපිරීමේදී නිකුත් වූ විශාල ශබ්දය හේතුවෙන් තමන්ගේ කන් අගුල් වැටුණු බවත්, විශාල දුමකින් පාසල් භූමිය පිරී ගිය බවත් එම සිසුහු කීහ. පිපිරීමෙන් පසුව අදාල ද්‍රව්‍ය මල් පෝච්චියේ අතුල්ලමින් සිටි සිසුන්ගේ දෑත්වලින් ලේ ගලායනු තමන් දුටු බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

පිපිරීම පිළිබදව අදහස් දැක් වූ මහින්ද විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. ඩී. ඒ. ධර්මවංශ මහතා, තමන් කාර්යාලයේ සිටියදී දහවල් 12.50 ට පමණ පිපිරීම් ශබ්දයක් ඇසුණු බවත්, පිපුරුම් හඩ ඇසුණු දෙසට තමන් දිවයද්දී තුවාල ලැබූ සිසුන් මව්පියන් විසින් ඔසවාගෙන යන ආකාරය දුටු බවත් පැවසීය. පෙරේදා (03) දිනයේදී මව්පියන් විසින් ශ‍්‍රමදානයකින් පාසල් භූමිය පිරිසිදු කළ බවත්, පාසලට පුපුරණ ද්‍රව්‍ය පැමිණියේ කෙසේදැයි තමන්ට නිශ්චිතව කිව නොහැකි බවත් හෙතෙම පැවසීය.

ඊයේ දහවල් මහින්ද විද්‍යාලයට පැමිණි රත්ගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරිහු පිපිරීම සිදු වූ ස්ථානය සහ පිපුරුණු ද්‍රව්‍යයේ සුන්බුන් පරීක්ෂාවට ලක් කළ අතර වනඅලි ඝාතනය කිරීම සදහා යොදාගන්නා හක්කපටස් වලට සමාන පුපුරන ද්‍රව්‍යයක් පාසල් භූමියේදී පුපුරාගොස් බවට එහිදී අනුමාන කළහ. එහි පැමිණ සිටි කුරුණෑගල පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරිහු පිපිරීම සිදු වූ ස්ථානය පරීක්ෂාවට ලක්කළ අතර පුපුරණ ද්‍රව්‍ය පාසල් භූමියට ඇතුලූ වූ ආකාරය පිළිබදව හෝඩුවාවක් ලබාගැනීම සදහා පොලිස් නිල සුනඛයින්ද පාසල් භූමියට ගෙන්වා තිබූ අයුරු දැකගත හැකි විය.

පිපිරීමෙන් තුවාල ලබා සිටින කවිදු දිල්ෂාන් දරුවාගේ අත්වලට බරපතල ලෙස හානි වී ඇති ඔහුගේ කකුල් සහ කලවා ප්‍රදේශවලටත් හානි සිදු වී තිබේ. මාලක සංජීව සිසුවාගේ පිටකොන්ද ප්‍රදේශයට  තුවාල සිදු වී තිබේ. කුරුණෑගල මූලස්ථාන පොලිසිය පිපිරීම පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.gattuwana_blast_1 gattuwana_blast_3 gattuwana_blast_4 gattuwana_blast_2 gattuwana_blast_5 gattuwana_blast_6 gattuwana_blast_7


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article