Thursday, May 2, 2024

ගෙදර වැසිකිලිය පාරේ කාණුවට හැර වූ කාන්තාවකට 6000 ක් දඩ.

Must read

toilet_case

තම නිවෙසේ වැසිකිලි අපද්‍රව්‍ය මාර්ගයේ පොදු කාණු පද්ධතියට බැහැර කළ කාන්තාවකට රුපියල් හයදහසක දඩයක් නියම කළ නාරම්මල මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා අදාල වැසිකිලිය සනීපාරක්ෂක අයුරින් පවත්වාගෙන යන ලෙසට විත්තිකාර කාන්තාව වෙත තරයේ අවවාද කළේය.

මෙලෙස දඩ මුදල් නියම කෙරුණේ නාරම්මල, සේනානායකපුර පදිංචි චන්ද්‍රා මාලිනි නැමැති කාන්තාවකටය. අදාල වැසිකිළියේ අපද්‍රව්‍ය පිටත පරිසරයට කාන්දුවන බවට විත්තිකාර කාන්තාවගේ අසල්වැසියන් විසින් කරන ලද පැමිණිල්ලක් පිළිබදව කළ විමර්ශණයකින් අනතුරුව නිරෝධායන හා රෝග වැළැක්වීමේ පනතේ ප‍්‍රතිපාදන අනුව, නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් මෙම කාන්තාවට එරෙහිව නඩු පවරා තිබිණි. වැසිකිලි නලයේ තැනූ සිදුරක් මගින් රාත‍්‍රි කාලයේදී වැසිකිලි අපද්‍රව්‍ය මාර්ගයේ පොදු කාණුවට මුදාහැර ඇති බවත්, විත්තිකාර කාන්තාව විසින් සිතාමතාම අදාල ක‍්‍රියාවේ යෙදී ඇති බවත් ස්ථානීය පරීක්ෂණවලදී අනාවරණය වූ බව පැමිණිල්ල මෙහෙයවමින් නාරම්මල මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික‍්‍රම මහතා අධිකරණය හමුවේ පැවැසීය. මිනිස් අසූචි විවෘත පරිසරයට මුදාහැරීම හේතුවෙන් ඊ කොලයි වැනි බැක්ටීරියාවන් හරහා උණ සන්නිපාතය, බෝවෙන සෙංගමාලය, පාචනය වැනි රෝගී තත්වයන්ට මහජනතාව ගොදුරුවිය හැකිවීමත්, දුර්ගන්ධය සහ අප‍්‍රසන්නතාවය හේතුවෙන් ජනතාව පත්ව තිබූ පීඩාකාරි තත්වයන් පිළිබදවත් සලකා බලා විත්තිකාරියට එරෙහිව නඩු පැවැරූ බවද අමරවික‍්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා විත්තිකාර කාන්තාවට තරයේ අවවාද කරමින් දඩ නියම කළේය. නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වයි. එන්. හේමසිරි මහත්මියගේ උපදෙස් මත, මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික‍්‍රම සහ චාමර චන්ද්‍රරත්න යන මහත්වරුන් විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article