Sunday, May 19, 2024

ජනපතිගේ පුත්තලම් සංචාරය

Must read

02(8)

ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 05 වැනිදා පුත්තලම දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විය. ආණමඩුව ද.මු.දසනායක ක්‍රීඩාංගනයෙන් ආරම්භ වූ ජනාධිපතිවරයාගේ සංචාරය පුත්තලම,ආරච්චිකට්ටුව,මාදම්පේ,නාත්තන්ඩිය,මාරවිල,වෙන්නප්පුව සහ දංකොටුව ප්‍රදේශ වලද සිදු විය. මෙහිදී ජනතාව විසින් තමන් මුහුණ දී සිටින ගැටළු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදි.මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පවතින වන අලි ගැටළුවට විසකුමක් ලබා දෙන ලෙස පැමිණි සිටි පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බව ජනාධිපතිවරයා කියා සිටියේය.

කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේ පවතින ඉඩම් ගැටළු සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලදි. සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් පිරිසක් සමගද ජනාධිපතිවරයා සුහද කථා බහක නිරත වෙමින් පවතින වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි.ආරච්චිකට්ටුව හමුවේදී සමෘද්ධි නිලදාරීන් පිරිසක් තමන්ට ඇති ගැටළු ජනාධිපතිවරයා වෙත පෙන්වා දෙන ලදි.මාදම්පේ පැවති හමුවේදී කාන්තාවක් නිසින් කොරෝනා අරමුලද සහතා මුදල් පරිත්‍යාගයක්ද සිදු කරන ලදි.


ඡායාරූප – ජූඩ් සමන්ත

03(3) 04(6) 04(7)

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article