Saturday, May 4, 2024

මාරවිල මුහුදු වෙරළේ තිබී හමුවූ කාන්තාවගේ මරණය සැකසහිතයි

Must read

100(10.26  pm) ජුනි 20 වනදා  දහවල් මාරවිල  – කුරුස පල්ලිය ආසන්න මුහුදු  වෙරළේ තිබී නාදුනන කාන්තා   සිරුරක්  හමුවිය. අවුරුදු 50 ක්  පමණ ඇතැයි හදුනාගත් මෙම කාන්තාවගේ  අනන්‍යතාවය තහවුරු කර ගතහැකි කිසිවක්  මුහුදු වෙරළේ තිබුණ බෑගයේ තිබී නොමැති අතර දේහය හමුවන විට සිරුරේ උඩුකයෙහි පමණක් ඇදුමක් තිබූ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.  මේ වන විට නිල නොවන ආරංචි මාර්ග අනුව මෙම කාන්තාවගේ මරණය සැකසහිත බව වාර්තා වේ. ඇය ජිවත්වී ඇත්තේ මීගමුව කුඩාපාඩුව ප්‍රෙද්ශයේ නිවසක කුලියටගත් කාමරයක වන අතර ඇය අවසන් වරට නිවසින් පිටව ගිය අන්දම සිසීටීවී කැමරා දර්ශන වල පටිගත වී ඇති බවත් වාර්තා වේ. මෙම කාන්තාවට යම් අනතුරක් සිදුකර ඇති බවට මේ වනවිට බරපතල සැකයක් මතුව තිබේ. ඇගේ දියණිය මේ වනවිට විදේශගතව සිටින අතර  සිය මවට සිදුවී ඇති මෙම විපත සම්බන්ධයෙන් දැනගැනිමට ඇයට ආරක්ෂක අංශ වල සහය පැතීමට බලාපොරොත්තු වන බවද වාර්තා වේ. මේ වනතෙක්ම මෙම කාන්තාවගේ මියගිය සිරුර මාරවිල රෝහලේ තැන්පත් කර තිබේ.

 

 

මාරවිල කුරුස පල්ලිය ආසන්නයේ මුහුදු වෙරළේ කාන්තා මළසිරුරක්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article