Sunday, May 19, 2024

ඩෝසර් කළ ආනවිලුන්දාව රක්ෂිතය නැරඹීමට ජීවී අමාත්‍යවරයා යයි

Must read

1598777926132_1598776918696_03
ආනවිළුන්දාව රම්සා කුරුළු අභය භූමිය තුළ ඉස්සන් ගොවිපලක් සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස තමන් විසින් පංච පුද්ගල කමිටුවක් පිහිටුවීමට කටයුතු කළ බව වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක මහතා පැවසීය.
29 වැනිදා සවස ආරච්චිකට්ටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය.
මෙම මාධ්‍ය හමුවට පෙර අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් භූමිය සකස් කර ඇති ඉස්සන් පොකුණ නිරීක්ෂණය කිරීම සදහාද සහභාගි විය.එම අවස්ථාවේදී රජයේ නිලධාරීන් මෙන්ම ඉස්සන් වගා කරුවන්ගේ සංගමය විසින්ද අමාත්‍යවරයා වෙත කරුණු පැහැදිලි කර දෙන ලදි.
ආනවිළුන්දාව රම්සා අභය භූමිය තුල අතහැර දමා තිබූ ඉස්සන් ගොවිපලක පොකුණක් කිසියම් අයෙකු විසින් පසුගිය 25 වැනිදා නැවත පිළිසකර කර තිබුණි.මේ සම්බන්ධයෙන් ආනවිළුන්දාව වන ජීවී කාර්යාලය විසින් ආරච්චිකට්ටුව පොලීසිය වෙතද පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.
අතීතයේදී මෙම ප්‍රදේශය තුළ ඉස්සන් ව්‍යාපාර බහුලව පැවති අතර, ආනවිළුන්දාව රම්සා කුරුළු අභය භූමිය ප්‍රකාශයට පත් කිරීමත් සමග ඒ සියල්ල අතහැර දමන ලදි.ඒ අනුව මෙම ප්‍රදේශය තුළ අතහැර දමනලද ඉස්සන් පොකුණු රැසක් දැක ගැනීමට හැකියාව ඇත.
ඉස්සන් පොකුණ පිළිසකර කිරීම සදහා යොදා ගත් බව කියන බැකෝ යන්ත්‍රය සහ එහි ක්‍රියාකරුව 28 වැනිදා සවස අත්අත්අඩංගුවට ගන්නා ලදි.එම සැකකරුගෙන් ලද තොරතුරු අනුව ඉස්සන් පොකුණ සකස් කිරීමට උපදෙස් දුන් බව කියන ව්‍යාපාරිකයෙකුව 29 වැනිදා පෙරවරුවේ ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.සැකකරුවන් දෙදෙනා 29 වැනිදා දහවල් හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් ශානක උදයංග මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදි.1598777919565_1598776852985_02
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සී.බී.රත්නායක මහතා මෙසේද පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් බොහෝ දේ කියා තිබෙනවා. ඇතැම් අය මුහුණු පොතේ කියා තිබෙනවා පොඩි මිනිස්සු පොලීසියෙන් ඇල්ලුවාට ලොකු අයව අල්ලන්නේ නැත්තේ ඇයි කියලා.යම් විමර්ශණයක් සිදු විය යුත්තේ පියවරින් පියවරට.එසේ නොමැතිව රාජකාරියක් කරන්න බැහැ. මේ වන විට සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.ඉදිරියේදී සෙසු පුද්ගලයින්වද අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් ලබා දීමට මම කටයුතු කලා.
පරිසරය විනාශ කරන්න දෙන්න කිසිවෙකුට බැහැ.ඒකට අපි විරුද්ධයි.කිසියම් කෙනෙක් පරිසරය විනාශ කරනවා නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන්න අපි කිසිවිටක වැලි වන්නේ නෑ.
මේ අතර මෙම සිද්ධිය සම්බන්දයෙන් වූ මාධ්‍ය හමුවක් 29 වැනිදා පෙරවරුවේ ආරච්චිකට්ටුව ශ්‍රී රත්නගිරි රාජමහා විහාරස්ථානයේදී පැවැත්වුණි.එහිදී අදහස් දැක්වූ වයඹ හඩ පරිසර සංවිධානයේ සභාපති පුජ්‍ය විල්පත පේමානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු සාමාජිකයින්ද කියා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ සියළුම දෙනාට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවය.1598776926242_1598776923912_01

ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article