Sunday, May 19, 2024

තරුණයින් දෙදෙනෙකුට හමුවූ අතරමංවූ මුව පැටියෙකු පොලීසියට බාරදෙයි

Must read

muwaමව් සෙනෙහසින් ඈත්ව අතරමංව සිටි මුව පොව්වෙකු ආනමඩුව තෝනිගල ගල්වංගුව ප්‍රදේශයේ දි සොයා ගත් තරුණයින් දෙදෙනෙකු එම මුව පොව්වා ආනමඩුව පොලිසියට බාර දි ඇත. නවගත්තේගම පදිංචි වනසිංහ මුදියන්සේලාගේ විමුක්ති වනසිංහ සහ මදවක්කුලමේ පදිංචි අමිත් මොහොමඩ් ඉමිතියාස් නමැති මිතුරන් දෙදෙනා ගමන් කරමින් සිටිය දි මෙම මුව පොව්වා පාර අයිනේ අතරමංව සිටිය දි තමන්ට හමුවු අතර එම සත්වයාගේ ආරක්ෂාව පිනිස එම සතාව පොලිසිය වෙත ගෙනැවිත් බාරදී තිබේ. මාසයක් පමණ වයසැති එම මුව පොව්වා ඉතා කඩිනමින් පුත්තලම වන ජීවි කාර්යාලය වෙත බාර දිමට පියවර ගත් බව පොලිසිය කියයි.


ඔගස්ටින් ප්‍රනාන්දු

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article