Friday, May 3, 2024

දින කිහිපයකට පෙර කුලුදුල් දරුවාගේ මුහුණ බැලූ තරුණයෙකු ඊයේ රෑ අනතුරකින් මිය යයි.

Must read

කුරුණෑගල – මාතලේ මාර්ගයේ දොඩම්ගස්ලන්ද, වජිරවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් පිටතට පැන කොන්ක්‍රීට් කම්බි කණුවක ගැටීමෙන් 30 හැවිරිදි තරුණයෙකු ඊයේ රාත්‍රියේදී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ දොඩම්ගස්ලන්ද නව නගරය ප්‍රදේශයේ පදිංචි වී සිටි අඵත්ගෙදර රංග සම්පත් ධර්මසිරි නැමැති එක් දරු පියෙකි.

මිතුරෙකුගේ නිවසකට යන බව පවසා ඊයේ රාත්‍රි 10.20 ට පමණ සිය නිවසින් පිටත් වී ගොස් ඇති බව කියන මෙම තරුණයාගේ මළ සිරුර මාර්ග‍ය අයිනේ වැටී තිබියදී අද අලුයම 3 ට පමණ ප්‍ර‍දේශවාසීන්  විසින් සොයා ගෙන ඇත්තේ, මාර්ගයේ ගමන්කළ වෙනත් පුද්ගලයෙකු විසින් කළ දැනුම්දීමක් මතය .

මෙම ‍අනතුර සිදු වූ ස්ථානයේදී මාර්ගය තරමක වංගුවක් සහිතව පිහිටා ඇති බැවින් අදාළ වංගුව හැරවීමට යාමේදී පාලනය කරගත නොහැකි වූ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පනින්නට ඇති බවටත්, යතුරුපැදිය සමග මෙම තරුණයාද කොන්ක්‍රීට් කම්බි කණුවේ වේගයෙන් ගැටීම නිසා මෙම මරණය සිදුවන්නට ඇති බවටත් පොලිසිය සැකකරයි. අනතුරට ලක්වීමෙන් පසුව අදාල
තරුණයා සහ ඔහුගේ යතුරුපැදිය මාර්ගය අයිනේ පිහිටි කැලෑ රොදකට විසි වී තිබීම නිසා එය මාර්ගයේ ගමන් ගත් අයට නොපෙනෙන්නට බවටත්, අනතුර සිදු වූ අවස්ථාවේදීම යම් අයෙකු විසින් ඒ බව දැක තරුණයා රෝහල්ගත කළේ නම් ඇතැම්විට ඔහුගේ ජීවිතය බේරාගැනීමට ඉඩ තිබූ බවද පොලිසිය කියයි.

අද උදෑසන මෙම තරුණයාගේ මෘතදේහය වැටී තිබූ වජිරවත්ත ප්‍රදේශයට පැමිණි ‍ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද අබේරත්න  මහතා‍ගේ අධීක්ෂණය යටතේ රංග සම්පත් මහතාගේ මෘත දේහය එම ස්ථානයෙන් ඉවත්කෙරුණු අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා මෘතදේහය කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යවනු ලැබීය. මළසිරුර ඉවත්කරන අවස්ථාව වන විටත් රංග සම්පත් මහතා පැළද සිටි හෙල්මට්ටුව පවා ඔහුගේ හිසෙහි ඒ අයුරින්ම හිසේ රැදී තිබෙනු දැකගත හැකි විය.

රංග සම්පත් මහතා අනතුරට පත් ස්ථානය සහ ඔහුගේ අතර ඇත්තේ කිලෝමීටර තුනකටත් නොඅඩු දුරක්වීම විශේෂත්වයකි. ඒ මහතා පිය පදවිය ලබා ඇත්තේද මීට දින කිහිපයකට පෙර බවද වාර්තා වෙයි.

ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද අබේරත්න මහතාගේ උපදෙස් මත, එහි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයතිස්ස මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් ගුණතිලක (24298 ) සහ පොලිස් ‍කොස්තාපල් මංජුල (71887) යන නිලධාරීහු මෙම අනතුර පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ranga_ accident5 ranga_ accident4 ranga_ accident1 ranga_ accident2 ranga_ accident3

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article