spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

දේශපාලකයින් තිදෙනෙකුගේ සේවය ඇගයෙයි

Must read

වෙන්නප්පුව ආසනයට මෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කයට දේශපාලන ක්ෂේත්‍රයේ දී මෙහෙවරක් කළ ප්‍රා.සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා කැබිනට් ඇමතිවරයෙකුගේ අභාවය වෙනුවෙන් උපහාර පිදීම හා ශෝකය පළකිරිමට අද වෙන්නප්පුව ප්‍රා.සභාවේදී සිදුකෙරුණා. මෙම දේශපාලකයන් වූයේ හිටපු කැබිනට් ඇමතිවරයෙකු හා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවූ මිල්රෝයි ප්‍රනාන්දු මහතා, වෙන්නප්පුව ප්‍රා. සභා මන්ත්‍රීවරයෙකුවූ සරත් විකමරත්න මහතා , වෙන්නප්පුව ප්‍රා.සභා මන්ත්‍රී ගෝටාභය වික්‍රමසිංහ මහත්වරුන් වේ. මෙම අවස්ථාවට මෙම දේශපාලකයින්ගේ පවුල් වල සාමාජිකයින්ද සහභාගී වන ලදී. ප්‍රා.සභාපති ඇන්ටනි කුමාර් මහතා, ප්‍රා.සභා මන්ත්‍රී සුසන්ත පෙරේරා මහතා, ප්‍රා.සභා මන්ත්‍රී මහතා, සුසන්ත ශ්‍රීනාත් , ප්‍රා.සභා මන්ත්‍රී නීතිඥ ඇලෙක්ස් නිශාන්ත යන මහත්වරුන් විසින් මෙම ත්‍රිපුද්ගල දේශපාලකයින් සම්බන්ධ ගුණ කථන සිදුකරන ලදී. මෙම මන්ත්‍රීවරුන්ගේ සේවය අගය කිරීම සම්බන්ධ යෝජනාව ප්‍රා.සභා මන්ත්‍රී සුසන්ත පෙරේරා මහතා විසින් පසුගිය සභාවාරයේදී යොජනා කරන ලදී.

ඡායාරූප – රවීන්ද්‍ර ලියනගේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article