Friday, May 17, 2024

නරක් වූ  සැමන් නිසා ඇතිවිය හැකි පරිසර විනාශය ගැන වයඹ හඬ පරිසර සංවිධානයෙන් පැමිණිල්ලක්

Must read

saman3(2.04 pm) පසුගිය 16  වැනිදා පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් හලාවත – බංගදෙණියේ පිහිටි මාටින් වත්ත සත්ත්ව ගොවිපල වෙත ගෙනෙන ලද  කල් ඉකුත්වූ සැමන් කන්ටේනර් 02 ක්  නිසා එම ප්‍රදේශය  අවට දැඩි දුර්ඝන්ධයක් ඇතිවීම මත ජනතාව මහත් අපහසුතාවයට පත්විය. ප්‍රදේශවාසීන්  විසින් මේ බව පොලීසියට දැනුම් දීමෙන් අනතරුව ව පොලීස් නිලධාරීන් හා සෞඛ්‍ය අංශ වල නිලධාරීන් මෙම සත්ව ගොවිපොළ වෙත පැමිණ මෙම සැමන් තොග පරීක්ෂා කරන ලදී. එහිදී  මෙම සැමන් තොගය වල දැමීමට සෞඛ්‍ය නිළධාරින් තීරණය කිරිමෙන් අනතුරුව ඒවා වලදමන ලදී.  වලදැමූවත් ඒවායින් හැමූ දුරගන්ධය ඊයේ (19 ) තෙක්ම අඩු නොවී පැවතිණී.  මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බලා නීතිමය පියවර ගන්නා ලෙස ” වයඹ හඩ ” පරිසරය සුරැකිමේ සංවිධානය විසින් හලාවත   පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකරන ලදී.  2016 වසරේදී කල්ඉකුත්වී ඇති සැමන්  තොගයක් බංගදෙණිය මාටින් වත්ත සත්ත්ව ගොවිපලට ගෙනවිත් බැහැර කිරිම නිසා මතුවීය හැකි පරිසර හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස වයඹ හඩ පරිසර සංවිධානය හලාවත පොලීසියට පැමිණිල්ලක් කරමින් ඉල්ලීමක් කර ඇත.වයඹ හඩ පරිසර සංවිධානයේ සභාපති පුජ්‍ය විල්පත පේමානන්ද හිමි සහ එම සංවිධානයේ කැදවුම්කරු අජිත් ගිහාන් යන අය විසින් හලාවත පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

මෙසේ ගෙනෙන ලද සැමන් කන්ටේනරය සත්වයින්ටද ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ තිබී ඇති අතර මේවා පරීක්ෂා කිරිමට කිසිදු පශු වෛද්‍යවරයෙකු පැමිණ නොමැති බවද වාර්තා වේ.

.02(21) 04(14) 01(24)

ඡායාරූප – ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article