Sunday, May 5, 2024

නාරම්මල උණුසුම් කළ පොලීසියේ වැරදුන වෙඩිල්ල

Must read


අණ නොතකා ධාවනය කළ බව කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී එක්පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය පත්තුවී ලොරි රථයේ රියදුරු  මියයාම හේතුවෙන්
ඊයේ රාත්‍රියේදී නාරම්මල පොලීස් සාථානය අවට උණුුසුම් වාතාවරණයක් ඇතිවිය. පොලිසියේ වෙඩිතැබිමෙන් මියගොස් ඇත්තේ නාරම්මල ප්‍රෙද්ශයේ පදිංචි තිදරු පියෙකු බව වාර්තා වේ.

සිවිල් ඇඳුමින් සිටි මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා නාරම්මල ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ලොරි රථයකට නවත්වන ලෙස අණකර තිබේ.

එම අණ නොතකා ලොරි රථයේ රියදුරු නොනවත්වා ලොරිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යතුරුපැදියෙන් පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා ලොරි රථය හඹා ගොස් ලොරිය නවතා ඇති අතර රියදුරු බියගැන්වීමට පිස්තෝලය ගත් අවස්ථාවේදී එය පත්තු වී රියදුරු එතැනම මියගොස් ඇති බව උසස් පොලිස් නිලධාරින් මාධ්‍යට පවසා ඇත. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබූ අතර මේ වනවිට තත්ත්වය පාලනය වි ඇති බව වාර්තා වේ.

වෙඩි තැබූ පොලිස් නිලධාරියාට අදාලව ගෙන ඇති නිතිමය ක්‍රියාමාර්ගයක් මේ වෙන තෙක් ගෙන නොමැති බව වාර්තා වේ.

ඡායාරෑපය උපුටාගැනිම – ලංකාදිප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article