Friday, May 17, 2024

‘නිදහස් දින කතාවේදී සියලු ජාතීන් එකමුතු කර ගැනීමට ජනාධිපතිවරයා අපොහොසත් වුණා’ – පා.මන්ත්‍රී මුජිබර් රහුමාන්

Must read

mergeimage1

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ප්‍රකාශයක් කරමින් නිදහස් දිනය වෙනුවන් ජනාධීපතිවරයා විසින් සිදුකරන ලද කතාව අනුව රටේ අනාගතයේ අදුරුබාවයක් පෙන්නුම් කරන බවත් එම කතාව තුළ රටේ  සියලු දෙනා එකමුතුකරගෙන රටේ අභියෝග ජයගැනීමට ඇති සූදානමක් පෙන්නුම් නොකරන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය. පා.මන්ත්‍රී  මුජිබර් රහුමාන් විසින් මෙම මේ බව ප්‍රකාශ කරන ලද්දේ අද (06 ) වනදා සමගි බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදීය. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ අද ආණ්ඩුව ජාත්‍යන්තරය හමුවේ අර්බුදයට ලක්වී ඇති බවයි. අද වන විට රටේ ආර්ථික මට්ටම ඉතා පහළ මට්ටමකට කඩා වැඩී ඇති බවත් කොවිඩ් 19 වසංගතය ත් සමග රට දරුණු ආර්ථික ආගාධයකට ගොස් ඇති අතර එයට කිසිදු විසදුමක් දීමට පාලකයන් අසමත් වී ඇති බවත් ඔහු පවසයි.

තවදුරටත් ඔහු පළකල අදහස්,
බඩුමිළ දවස ගානේ අහස උසට වැඩිවෙලා,මිනිස්සුන්ට ජීවත්වෙන්ඩ තත්ත්වයක් ඇති වෙලා.ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයකට රැකියා නැති වෙලා, වෙළද ව්‍යාපාර වහලා තියෙනවා. ස්වයං රැකියා නැති වෙලා.ආනයනය නැවැත්වීම උඩ 50 000කට අධික සංඛයාවකට රැකියා නැතිවෙලා තිබෙනවා. අද වනවිට ඉන්දියාව ,චීනය,ඇමරිකාව,ජපානය වගේ රටවල් අතරත් අර්බුදකාරී තත්ත්වයක් අපි උදාකරගෙන තිබෙනවා. විශේෂයෙන්ම මේ රටේ විදේශ ප්‍රතිපත්තිය ඒ වගේම පරිනත දේශපාලන දැක්මක්, උපායශීලී දේශපාලන දැක්මක් නොමැතිවීම ,රාජතාන්ත්‍රික දේශපාලන දැක්මක් නොමැතිවීම උඩ අදවන විට අපි ජාත්‍යන්තර වහයෙන් හුදකලා වෙන තත්ත්වයක් මේ රටේ නැවත ඇති වෙලා තිබෙනවා. මේ තත්තවයම 2015ට කලිනත් ආවා.
අද වන විට ඉන්දියාව විසින් දුන්න ඇ.ඩො. 400ක ණය නැවත ඉල්ලා තිබෙනවා. මේ ණය ගෙවන්න තිබෙන්නේ 2022 නමුත් ඉන්දයාව නැගෙනහිර ජැටියත් එක්ක ඇතිවෙච්ච අර්බුදකාරී තත්ත්වය නිසා ආන්ඩුවට ඉන්දියාව පවසා තිබෙනවා වහාම මේ ණය ගෙවන්න කියලා. එතකොට අපිට පේනවා මේ ආන්ඩුවේ තිබෙන දේශපාලන දේශපාලනික පරිනතභාවය  නොමැතිවීම , විදේශ ප්‍රතිපත්ති වල අත්දැකීම් නොමැතිවීම, උපායශිලිත්වයක් නොමැති වීම උඩ අද මේ රට ජාත්‍යන්තරය ඉදිරියේ හුදකලා වූ තත්ත්වයක් අපිට උදාවෙලා තිබෙනවා.

පසුගිය 04 වනදා මේ රටේ 73 වන ජාතික නිදහස් දිනය සැමරූ අවස්ථාවේදී වර්තමාන ආණුඩුව විසින් මෙම නිදහස් දින සැමරූ ආකාරයේදී ගැටලු රාශියක් මතුවී තිබෙනවා.  මේ රටේ නිදහසේ සැමරීමේදී
පසුවුණ වසර 73 කාලය තුළ මේ රටට නිදහස ලැබිලා අපිට ලැබිච්ච දේවල් වලට වඩා අපිට අහිමි වෙච්ච දේවල් පිළිබදව අප කතා කළ යුතුයි. අපි ශේෂපත්‍රයට දාලා බැලුවහොත් අපිට වාසිදායක දේවල් රටට වෙලා තිබෙනවද ,අවාසිදැයක දේවල් රටට වෙලා තිබෙනවද කියලා.අවුරුදු 30ක යුද්ධයකට අපි මුහුණ දීලා හිටියා. 71 කැරැල්ලක් ඇතිවුණා. 88,89 කාලවල නැවත තරුණ කැරැල්ලක් ඇතිවුණා. 2019 පාස්කු ප්‍රහාරය ඇතිවුණා. භීෂන කාරි , යුදවාදී පරිසරයක් තුල තමා පසුගිය වසර 73න් වැඩි කාලයක් අපි ගතකරලා තිබෙන්නේ. ඒ තුළ රටතුළ බෙදීම් ඇති වුණා , විවිධාකාර සැකයන්,අවිශ්වාසයන් ඒ වගේ ම ජාතීන් අතර ගැටළු නිර්මානය වුණා. එහෙම පරිසරයක් නිර්මාණය වෙලා තියෙද්දී තමා මේ 73 වන නිදහස් සමරුව අපි සමරන්නේ.
ජනාධිපතිතුමාගේ කතාව බැලුවහම අපිට පේන්නේ එතුමා පොදුජන පෙරමුණේ සම්මේලනයේ කතාවක් කලා වගේ. නිදහස් දිනය වෙනුවෙන් රටේ රාජ්‍ය නායකයා හැටියට මේ රටේ සියලු ජන කොටස් එකතු කරගෙන අපිට තියෙන අභියෝග ගැන, රටක් හැටියට ලෝකයක් එක්ක යන්න ඕනා ගමන ගැන  , රටේ ඇතුළේ තියෙන සැබෑ ප්‍රහ්න ගැන නෙමේ කතා කලේ. ජනාධිපතිතුමා සුපුරුදු පරිදි දේශපාලන කතාවක් කලා. ඒකෙදි නැවත වතාවක් එතුමාට බැරිවුණා මේ රටේ සියලු අයව එකතුකර ගැනීමේ කතාවක් කිරීමට. අපිට පේනවා ජනාධිපතිතුමාගේ කතාව තුළම රටේ ඉදිරිගමන තුළ අදුරුභාවයක් තමයි කතාව තුළ එළියට ආවේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article